19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට්‌ පළඟ ශූරතාව ශ්‍රී ලංකාවට... | Reporter 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට්‌ පළඟ ශූරතාව ශ්‍රී ලංකාවට... - Reporter

Hot News

19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට්‌ පළඟ ශූරතාව ශ්‍රී ලංකාවට...


ශ්‍රී ලංකා 19 පහළ ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් 19 පහළ කණ්ඩායම අතර ක්‍රිකට්‌ තරඟයේ ජය තමන් සතුකරගනිමින් 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියේ පළඟ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්වුනා.

එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 5 ක්‌ දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 254ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා 19 පහල කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 4 කදී ජයග්‍රාහී ඉලක්කය පසුකරගියේ කඩුලු 3 ක් අතැතිවයි.

මෙම තරඟාවලියේ තමන් එක්වූ ප්‍රථම තරඟයේදීම වාර්තා පොත් අලුත් කරමින් ලකුණු 191 ක් රැස්කරගත් හසිත බෝයගොඩ නැවතත් ක්‍රියාත්මක වූවා.

එහිදී තරඟයේ වීරයා වෙමින් ඔහු රැස්කළ ලකුණු සංඛ්‍යාව 116ක්.

ඔහුගේ ඉනිමට හතරේ පහර 17 ක් සහ එක් හයේ පහරක් ඇතුලත්.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තම වගකීම ඉටුකළ ධනංජය ලක්ෂාන් ලකුණු 98 ක් රැස්කරගත්තා.

No comments