Breaking News

වසර 6කින් මිලියන 75ක් හෙව්වෙ කොහොමද? විමල්ට කුමක් වෙයිද?

රුපියල් මිලියන 75කට ආසන්න වත්කම් හා මුදල් නීති විරෝධී ලෙස උපයා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශයට කොළඹ මහාධිකරණයේදී අද අධි චෝදනා බාර දී තිබෙනවා.
කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි විසින් මෙලෙස අධි චෝදනා බාර දීමෙන් අනතුරුව මන්ත්‍රීවරයාව රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසයි නියෝග කෙරුණේ.
ඇමතිවරයෙකු ලෙස කටයුතු කළ වසර 06ක කාලය තුළ වැටුපෙන් උපයා ගත නොහැකි රුපියල් මිලියන 75කට ආසන්න මුදල් හා දේපලවල හිමිකාරීත්වය දැරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාට එරෙහිව මෙම නඩුව පවරා ඇත්තේ අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසන් සභාව මගින්.
ඒ අනුව ලබන පෙබරවාරි මාස 19 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙසයි විත්තිකාර මන්ත්‍රීවරයා මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ.

No comments