යතුරුපැදියේ වැරදිවලට රුපියල් 68,000ක දඩයක් | Reporter යතුරුපැදියේ වැරදිවලට රුපියල් 68,000ක දඩයක් - Reporter

Hot News

යතුරුපැදියේ වැරදිවලට රුපියල් 68,000ක දඩයක්

චෝදනා රැසක් සම්බන්ධයෙන් වරදකරු වූ යතුරුපැදිකරුවෙකුට ගම්පහ අධිකරණය විසින් රුපියල් 68,000 ක දඩ මුදලක් නියම කර තිබෙනවා.
ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නන්ගර විසින් ඊයේ මෙම දඩ මුදල නියම කළේ ගම්පහ ප්‍රදේශයේම පදිංචි 22 හැවිරිදි තරුණයෙකුටයි.
අධික ශබ්දයක් පිටවන සයිලන්සරයක් සවි කිරීම, සංගීත නාද පිටවන ලෙසට නලාවක් සවිකර තිබීම, ආදායම් බලපත්‍රය, රක්ෂණ සහතිකය නොමැතිවීම, අපරීක්ෂාකාරී ලෙස පොලිස් අණ නොතකා යතුරුපැදි ධාවනය කිරීම ආදී චෝදනාවන් ද ඔහුට එරෙහිව එල්ල වී ඇති බැවිනුයි රුපියල් 68,000 ක දඩ මුදලක් අධිකරණය විසින් නියම කර ඇත්තේ.

No comments