Breaking News

පොහොට්ටුවේ අපේක්ෂකයින් වැල නොකැඩි ජනපති දෑත් සවිමත් කරන්න පැමිණේ



අම්පාර දිස්ත්‍රික්කයේ එරකාමම් ප්‍රාදේශීය සභාවේ, පොදුජන පෙරමුණෙන් මෙවර පළාත් පාලන මැතිවරණය සදහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් 4 දෙනෙකු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට සහය පළ කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්විය.
එම්.ජේ. රවුෆ්, අමීර් අලී ෆායිස්, එම්.එන්. සෆ්රාස්, එස්.ඒ. ජෙමිරූල් යන මහත්වරුන් මෙලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවී එතුමාගේ ගෙන යන වැඩපිළිවෙළට සහය පළ කිරීමට එක්විය.
මේ අතර කොළොන්නාව නගර සභාවේ, පොදුජන පෙරමුණෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට නියමිතව සිටී ඒ.එල්. නිර්මලා මහත්මිය ද අද ජනාධිපතිතුමා හමුවී එතුමාගේ වැඩපිළිවෙලට සහය පළ කිරීමට එක් විය. කොළොන්නාව හිටපු නියෝජ්‍ය නගරාධිපති සුරේෂ් කෝදාගොඩ මහතා ද එම අවස්ථාවට එක් විය. ජාතික නිදහස් පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් නායක ඉන්ද්‍රජිත් විජේවර්ධන මහතා ද අද ජනාධිපතිතුමා හමුවී එතුමාගේ වැඩපිළිවෙළට සහය පළ කළ අතර, ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කරන බව සදහන් කළේය. 

No comments