මහින්දගේ මහබැංකු අධිපතිටත් ප්‍රබල චෝදනාවක් | Reporter මහින්දගේ මහබැංකු අධිපතිටත් ප්‍රබල චෝදනාවක් - Reporter

Hot News

මහින්දගේ මහබැංකු අධිපතිටත් ප්‍රබල චෝදනාවක්


හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අයි.ටී.එන්. නාලිකාව අයථා ලෙස යොදා ගෙන ලක්ෂ ගණනක පාඩුවක් සිදු කිරීම පිළිබඳව බරපතළ මූල්‍ය වංචා පිළිබඳව විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභවේ වාර්තාව මගින් හෙළිදරව් කර තිබු කරුණු සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස රජයට බල කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.
එමෙන්ම 2008 වසරේ සිට මෙරට පෞද්ගලික අංශයේ සේවකයන්ගේ සේවක අර්ථසාධක අරමුදලට පාඩු කිරීම පිළිබඳව රාජපක‍ෂ ආණ්ඩුවේ මහ බැංකු අධිපතිවරයා වූ අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිවද පරීක‍්ෂණයක් කළ යුතුව තිබෙන බවද හේරත් මහතා අවධාරණය කළේය.
එම ගනුදෙනු මඟින් සේවක අර්ථසාධක අරමුදලට පමණක් මිලියන 8529ක පාඩුවක් සිදුවී තිබෙන බවත් ජනාධිපති කොමිසන් සභාවෙන් ලබාදුන් ඉතිරි වාර්තා 17 පිළිබදවත් කඩිනමින් පියවර ගන්නා ලෙස ද මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේය.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් විජිත හේරත් මහතා එසේ කීය.

No comments