Breaking News

රංජිත් සොයිසාට තුවාල - පාර්ලිමේන්තුව උණුසුම් - කාවින්ද ජයවර්ධන ක්ලාන්තගතියක්


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රකාශය සිදු කරන අතරතුර විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඊට විරෝධය පළ කිරීමත් සමඟ සභාවේ උණුසුම් තත්ත්වයක් හට ගත් බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පවසයි.

මෙහිදි මැති ඇමතිවරු පරුෂ වචනයෙන් බැණ වැදි ඇති බවත් ඉතා අශෝභන ආකාරයෙන් හැසිරුණු ආකාරයක් ජංගම දුරකථනයක පටිගත වී ඇත.

විරෝධතාවයට එක් වී සිටි එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීන් හා එක්බද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන්ගේ බහින්බස් වීම දරුණු තත්ත්වයක් දක්වා වර්ධනය වු අතර එය සමතයකට පත් කිරීමට අග්‍රාමාත්‍යවරයාට ද මැදිහත් වීමට සිදු විය.

කෙසේ වෙතත් ඇති වු නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාට සුළු සීරිම් තුවාල සිදුවි ඇති අතර පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඔහුට ප්‍රතිකාර කර තිබේ.

මේ අතර ඇති වු කලහකාරි තත්ත්වයට මුහුණ දුන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන මහතාට සුළු ක්ලාන්තගතියක් ඇතිව තිබෙන බව ද අද දෙරණ පාර්ලිමේන්තු වාර්තාකරු පවසයි.

No comments