පුංචි ඡන්දෙන් පසු ජවිපෙ එජාපය සමග එක්වෙයි? | Reporter පුංචි ඡන්දෙන් පසු ජවිපෙ එජාපය සමග එක්වෙයි? - Reporter

Hot News

පුංචි ඡන්දෙන් පසු ජවිපෙ එජාපය සමග එක්වෙයි?


පළාත් පාලන මැතිවරණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වීමට අවශ්‍යතාවයක් නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද(25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මේ වන විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනප්‍රියත්වය අඩු කිරීම සඳහා විවිධ සාකච්ඡා හා ක්‍රමන්ත්‍රණ සිදු වෙමින් පවතින බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පසුගිය දවසක UNP නායකයින් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයකින් එකිනෙකා වේදිකාවේ දී බැණ ගන්නේ බොරුවට බව පැවසු බව ද සඳහන් කළ අමාත්‍යවරයා මේ දිනවල ජනතා විමුක්ති පෙරමුණ විසින් අලුත් රංගනයක නිරත වන බව ද කියා සිටියේය.

ඉදිරියේ දී ශ්‍රි ලංකා නිදහස් පක්ෂය කිසි විටෙකත් එක්සත් ජාතික පක්ෂය සමඟ එක් නොවුවත් ජනතා විමුක්ති පෙරමුණ නම් නිසැකයෙන්ම එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වෙනු ඇති බව ද අමාත්‍යවරයා පැවසී ය.

No comments