Breaking News

මහින්ද විශ්‍රාම යන දිනය - එස් බි කියයි


ශ්‍රි ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය එළඹෙන පළාත් පාලන මැතිවරණයෙන් බහුතරයකින් ජයගන්නා බව අමාත්‍ය එස්.බී.දිසානායක මහතා අද (03) පැවති ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

මේ වන විට මැතිවරණ මෙහෙයුම් කාර්යාල පැය 24 පුරාම අද සිට ආරම්භ කර ක්‍රියාත්මක බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

මැතිවරණයේ පළමු රැළිය අනුරාධපුරයේ දී මහලේකම් දුමින්ද දිසානායකගේ මෙහෙයවීමෙන් 10 වන දා පවත්වන අතර, 11 වන දින කොළඹ පැවැත්වෙන රැළියෙන් අනතුරුව දිවයින පුරා මැතිවරණ රැළි පවත්වන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

පෙබරවාරි 10 වන දා මැතිවරණය බහුතරයකින් තම පක්ෂය ජයග්‍රහණය කරන බවත් පොහොට්ටුවේ දිනපු අය ද පසුව තමන් සමඟ එකතු වන බව පැවසු දිසානායක මහතා මහින්ද රාජපක්ෂ මහතා පැවසු පරිදි ඔහු ද ඉන් අනතුරුව විශ්‍රාම යන බව කියා සිටියේය.

No comments