මහළු කාන්තාවකට පහර දී මරා දමයි | Reporter මහළු කාන්තාවකට පහර දී මරා දමයි - Reporter

Hot News

මහළු කාන්තාවකට පහර දී මරා දමයි

යාපනයේ ආනේකෝට්ටේ ප්‍රදේශයේ නිවසක වාසය කල 72 හැවිරිදි කාන්තාවක් ඊයේ රාත්‍රියේ පහරකෑමකට ලක් වී මිය ගොස් තිබෙනවා.
ජෙගනාදන් සත්‍යාබාමී නැමති මෙම කාන්තාවගේ හිසට බරපතල ලෙස පහර දීම නිසා මේ මරණය සිදුව අති බවට පොලීසිය විසින් කල මූලික පරීක්ෂණ වලදී හෙළිවුණා.
ඒ අනුව අසල්වැසියන්ගෙන් පොලීසිය ලබාගත් තොරතුරු මත මෙම පහරදීම කාන්තාවගේ ස්වාමිපුරුෂයා විසින් සිදු කරන්නට ඇතැයි පොලීසිය සැකකරනවා.
යාපනය පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වනවා.

No comments