මහින්ද රාජපක්ෂගේ නයිට් රේස්වලට වියදම් කළෙත් ඇලෝසියස් | Reporter මහින්ද රාජපක්ෂගේ නයිට් රේස්වලට වියදම් කළෙත් ඇලෝසියස් - Reporter

Hot News

මහින්ද රාජපක්ෂගේ නයිට් රේස්වලට වියදම් කළෙත් ඇලෝසියස්

අර්ජුන් ඇලෝසියස්ගේ මුල්‍ය හා මුල්‍ය නොවන වාසි ලබාගත් අය අතර පක්ෂ – විපක්ෂ දේශපාලනඥයන්, ආගමික නායකයන්, මාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතන හිමිකරුවන් කලාකරුවන්, වෛද්‍යවරුන් 50කට ආසන්න පිරිසක් සිටින බවට තොරතුරු ලැබී ඇතැයි නියෝජ්‍ය ඇමැති රංජන් රාමනායක පවසනවා.
මෙම පිරිසෙන් 10 දෙනෙක් දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු බව නියෝජ්‍ය ඇමැතිවරයා හෙළි කරන්නේ.
මේ අයගෙන් වැඩි දෙනා තම පෞද්ගලික ගිණුම්වලට මුදල් ලබාගෙන ඇති අතර ඇතැමුන් පවුලේ සමීප ඥාතීන්ගේ නම්වලට මුදල් ලබාගෙන ඇති බවට ද තොරතුරු ඔහු පවසනවා.
එමෙන්ම පසුගිය රජය කාලයේ පැවැති රාත්‍රි කාර් රේස් තරගවලට අනුග්‍රාහකත්වය ලබාදී ඇත්තේ ද අර්ජුන් ඇලෝසියස් මහතාට අයත් නිෂ්පාදන ආයතනයකින් බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ.
මුදල්වලට අමතරව නිවාස, වාහන හා වෙනත් විවිධ අනුග්‍රහයන් ලබාගෙන ඇති බව ද ප්‍රධාන දිස්ත්‍රික්ක නියෝජනය කරනු ලබන ජනප්‍රිය දේශපාලනඥයන් ගණනාවක් අර්ජුන් ඇලෝසියස්ගේ
උදව් උපකාර ලබාගෙන තිබෙන බව ද ඔහු අවධාරණය කර තිබෙනවා.

No comments