Breaking News

ශ්‍රී ලංකාව පිළිබද සර්ව පාක්ෂික බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කණ්ඩායම හමුවේ.



ශ්‍රී ලංකාව පිළිබද සර්ව පාක්ෂික බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කණ්ඩායම ඊයේ (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවිය.
එරට කොන්සර්වේටිව් පක්ෂය නියෝජනය කරන ශ්‍රී ලාංකික සම්භවයක් ඇති මන්ත්‍රී රනිල් ජයවර්ධන මහතා එහි සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර, ඒ මහතා ඇතුළු පාර්ලිමේන්තු කණ්ඩායමේ සෙසු සාමාජිකයින් මෙම හමුවට එක්ව සිටියහ.
බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් වෙන්වීමෙන් පසුව පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් සමග පවත්වන සබදතා වඩාත් ශක්තිමත් කර ගැනීමට කටයුතු කරමින් සිටි. පොදු රාජ්‍ය මණ්ඩලයීය රටක් ලෙස ශ්‍රී ලංකාව සමග පවත්නා සබදතා ශක්තිමත් කර ගැනීම සහ දෙරට අතර වෙළෙද හා ආයෝජන සම්බන්ධතා ප්‍රවර්ධනය කර ගැනීමේ අරමුණින් මෙම නියෝජිත පිරිස ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
නව තාක්ෂණය, රැකියා ප්‍රවර්ධනය සහ අධ්‍යාපන අවස්ථාවන් වඩාත් ඵලදායී කර ගැනීමට දෙරට අතර පවතින සබදතා ශක්තිමත් කර ගැනීමේ වැදගත්කම ජනාධිපතිතුමා නියෝජිත පිරිස වෙත පෙන්වා දුන්නේය.
ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා සහ එම පාර්ලිමේන්තු කණ්ඩායම නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් වන Michelle Donelan, Chris Green, John Lamont යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

No comments