මහින්දගේ ප‍්‍රතිඥාවලට නැවතත් රැවටෙමුද? | Reporter මහින්දගේ ප‍්‍රතිඥාවලට නැවතත් රැවටෙමුද? - Reporter

Hot News

මහින්දගේ ප‍්‍රතිඥාවලට නැවතත් රැවටෙමුද?


ආණමඩුවට පිරිසිදු සංවිධායකවරයෙක් පත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අපොහොසත් වී ඇති බවත්, එය දේශපාලනයේ අනාගතයට ලබා දුන් යහපත් පූර්වාදර්ශයක් නොවන බවත් වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. 

එමෙන්ම පිරිසිදු දේශපාලන ව්‍යූහයක් ගොඩනැගීම වෙනුවෙන් ජනාධිපතිතුවරයා ලබා දුන් පොරොන්දුද ඇතැම් අවස්ථාවල කඩ වී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. 

ස්ත්‍රීර දූෂකයින්ටත් පලාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් නාමයෝජනා ලබා දී ඇති බවට තොරතුරු වාර්තාවන බවද ඔහු පෙන්වා දෙයි.

නවගත්තේගම එක්සත් ජාතික පක්‍ෂ බලමණ්ඩල රැස්වීම අමතමින් ඔහු මේ බව පැවැසීය. නවගත්තේගම නගර ශාලාවේදී එම රැස්වීම  (09) පැවැත්විණ.

No comments