Breaking News

ගැටුම හේතුවෙන් යාපනය කලා පීඨය තාවකාලිකව වසා දැමෙයි


විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ තෙවන හා සිව්වන වසර තාවකාලිකව වසා දැමූ  බව යාපනය විශ්ව විද්‍යාල පාලන අධිකාරිය පවසනවා.
ඒ කලා පීඨයේ තෙවන හා සිව්වන වසර සිසුන් පිරිසක් අතර හටගත් ගැටුමක් හේතුවෙන්.
බහින් බස් වීමක් දුරදිග යාමෙන් ගැටුම හටගෙන ඇති බවයි  විශ්ව විද්‍යාල පාලක සභාව පැවසුවේ.
ගැටුම හේතුවෙන් සිසුන් පිරිසක් සුළු තුවාල ලබා තිබෙනවා.
කලා පීඨයේ පළමු හා දෙවැනි වසරවල අධ්‍යයන කටයුතු සුපුරුදු පරිදි පවත්වන අතර, ගැටුමට සම්බන්ධ සිසුන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද විශ්ව විද්‍යාල පාලක සභාව පැවසුවා.

No comments