Breaking News

පොහොට්‌ටුව කුණු කාණුවක්‌ - ජනපති රත්නපුරේදී කියයි


ඔය කුණු කන්දල් අලුත් දේශපාලන කුණු කූඩේ, ඔය වසංගතේ, ජී. එල්. පීරිස්‌ගේ කුණු කාණුව, ඕක දාලා එන්න. මං ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ආණ්‌ඩුවක්‌ හදන්න හෙට ලෑස්‌තියි. හෙට උදේට එන්න අපේ ගෙදරට අනූහය මාත් එක්‌ක එකට හිටගන්න, මං ආණ්‌ඩුවක්‌ හදලා පෙන්වන්න සූදානම් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෙරේදා (27වැනිදා) සවස රත්නපුර නගරයේ පැවැති එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ පළාත් පාලන අපේක්‍ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීමේ රැස්‌වීමක්‌ අමතමින් පැවසුවේය. 
 
 "මගේ ඇඟේ තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ලේ. මගේ ඇඟේ තියෙන්නේ දූෂණයට, නාස්‌තියට, පවුල්වාදයට, ඒකාධිපතිත්වයට විරුද්ධ ලේ" යෑයිද ජනාධිපතිවරයා කීවේය.
 
 ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය අමතක කළා කියා මට රත්නපුරේදී ගලුත් ගැහුවා. දේශපාලන සදාකාලික මිතුරන්ද සතුරන්ද නැති බව ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
  

No comments