මහ ඇමති චාමරට සිතාසි – දේශපාලනඥයන්ටත් තහනමක්! | Reporter මහ ඇමති චාමරට සිතාසි – දේශපාලනඥයන්ටත් තහනමක්! - Reporter

Hot News

මහ ඇමති චාමරට සිතාසි – දේශපාලනඥයන්ටත් තහනමක්!

බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දණගැස්ස වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි විභාගයක් සඳහා ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවට කැදවා තිබෙනවා.
එම කොමිසමේ ප්‍රකාශකයෙකු  සඳහන් කළේ ලබන පෙබරවාරි 01 වන දා ප්‍රධාන අමාත්‍යවරයාට පැමිණෙන ලෙසට සිතාසි නිකුත් කළ බවයි.
පසුගිය 25 වන දා එම විද්‍යාලයේ විදුහල්පතිනිය කොමිසම හමුවට කැදවා තිබූ අතර ඇයගෙන් පැය 10කට ආසන්න කාලයක් ප්‍රකාශයක් සටහන් කරගනු ලැබුවා.
එමෙන්ම ඌව පළාත් අධ්‍යාපන ලේකම් සන්ධ්‍යා අඹන්වල ඇතුළු පිරිසක් ද කොමිසමට ප්‍රකාශයක් ලබාදුන්නේ විදුහල්පතිනිය දණගැස්වූ බව කියන සිද්ධියට අදාළවයි.
මේ අතර, ඌව පළාතේ දෙමළ පාසල්වලට දේශපාලනඥයන්ට ඇතුළුවීම වළක්වාලමින් චක්‍රලේඛයක් නිකුත් කිරීමට ඌව පළාත් දෙමළ අධ්‍යාපන අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමන් පියවර ගෙන තිබෙනවා.
උදෑසන 7.30 සිට පස්වරු 1.30 දක්වා කාලය තුළ දේශපාලනඥයින් හට එම පාසල්වලට ඇතුළුවීම එම චක්‍රලේඛයට අනුව තහනම් වනු ඇති.

No comments