කොමිසමේ සම්පුර්ණ නිර්දේශ මෙන්න : රවීට නඩු | Reporter කොමිසමේ සම්පුර්ණ නිර්දේශ මෙන්න : රවීට නඩු - Reporter

Hot News

කොමිසමේ සම්පුර්ණ නිර්දේශ මෙන්න : රවීට නඩු



ඇලෝසියස් පවුලට අයත් සහ ඔවුන්ගේ පාලනයට නතුව තිබූ වෝල්ට් ඇන්ඩ් රෝ සමාගම විසින් පෙන්ට්හවුස්  තට්ටු නිවසකට කුලිය ගෙවීම පිළිබඳව  වගකීමෙන් බැඳෙන හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකට විරුද්ධව අල්ලස්   පනත යටතේ නඩු පැවරිය යුතු බවත්, දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ කොමිසන් සභාවට ඔහු අසත්‍ය සාක්ෂි දීම සම්බන්ධයෙන් ද නඩු පැවරිය යුතු බවත් බැඳුම්කර වාර්තාවේ සඳහන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියයි.

බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඒ බව සඳහන් කර ඇත.

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අසම්මත සහ සාවද්‍ය අන්දමින් තීරණ ගැනීමේ කි‍්‍රයාවලියක් මගින් බැඳුම්කර වෙන්දේසිවලට මැදිහත්වී ඇති අතර, අභ්‍යන්තර තොරතුරු පිටතට බෙදාදීම සම්බන්ධයෙන් වගකිවයුත්තෙකු බවද වාර්තාවේ සඳහන් වෙතියි ජනාධිපතිවරයා සඳහන් කරයි.

No comments