Breaking News

පොහොට්ටුවට කෙහෙලියත් එරෙහි වෙයි


ඒකාබද්ධ විපක්ෂයේ ප‍්‍රබලයෙකු හා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉහළ පෙළේ ආධාරකරුවකු ලෙසින් සැලකෙන මහනුවර දිස්ත‍්‍රික් සන්ධාන පා.ම කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ මෙහෙයවීම මත ඉදිර පළාත් පාලන මැතිවරණයට යටිනුවර ආසනය සඳහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත්ව සිටින අපේක්ෂක කණ්ඩායමට එරෙහිව ස්වාධීන කණ්ඩායමක් ඉදිරිපත් කොට තිබේ.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා යටිනුවර ආසනයේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු සංවිධායකයා ලෙස පත් කිරීමට යෝජනා වී තිබුණ ද ඔහු එජාපයට යාමට ඇති සූදානමක් පිළිබඳව තොරතුරු අනාවරණය වීමෙන් පසුව සංවිධායකකම දීම ප‍්‍රමාද කර තිබේ. එයට විරෝධය පළ කිරීමක් ලෙස මෙම ස්වාධීන කණ්ඩායම ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබෙන බවට තොරතුරු හෙළි වී තිබේ.

No comments