පාප් වහන්සේට පහරදෙයි – ලිංගික චෝදනා ලැබූ බිෂොප් නිසාදැයි සැක | Reporter පාප් වහන්සේට පහරදෙයි – ලිංගික චෝදනා ලැබූ බිෂොප් නිසාදැයි සැක - Reporter

Hot News

පාප් වහන්සේට පහරදෙයි – ලිංගික චෝදනා ලැබූ බිෂොප් නිසාදැයි සැක

චිලී දේශයේ සංචාරයක නිරත අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සැන්ටියෝගේ අගනුවරදී මහජනතාවට ආශිර්වාද කිරීම සදහා විශේෂ රථයේ නැගී ගමන් කරමින් සිටියදී අනපේක්ෂිත සිදුවීමකට මුහුණ දුන්නා.
එහිදී කිසියම් පුද්ගලයෙකු විසින් තුවායකින් දමාගසා පහරදෙනු ලැබූ අතර පාප් වහන්සේ එයට ප්‍රතිචාර දැක්වූයේ සිහන මුසු මුහුණින්.
චිලී ජනතාවගෙන් බොහෝ පිරිසක් පාප් වහන්සේගේ සංචාරයට විරෝධය පළ කරන අතර ලිංගික අතවරයකට සම්බන්ධ පූජකවරයෙකුට පාප් වහන්සේ විසින් බිෂොප් පදවිය පිරිනැමීම සම්බන්ධයෙන් මෙම විරෝධතා මතුව ඇති බවයි වාර්තා වන්නේ.
උන්වහන්සේට තුවායකින් පහරදීම පිටුපස ඇත්තේ ද මෙම විරෝධතාවය බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

No comments