Breaking News

එකවර පෙම්වතුන් දෙදෙනෙකුට පෙම් කළ තරුණියකට අවසානයේ සිදු වූ දේ

චාලට් ගයි නමැති වයස අවුරුදු 17ක විශ්වවිද්‍යාල තරුණියක් ගෙළ වැලලාගෙන මියයෑමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇය විසින් වෙනත් තරුණයකු සමග පැවැත් වූ රහසිගත ඇසුරක තොරතුරු සිය 20 හැවිරිදි පෙම්වතා දැන ගැනීමත් සමග ඇය එලෙස සියදිවි හානි කරගෙන තිබේ.
අදාල තරුණිය අනියම් පෙම්වතා සමග පැවැත් වූ ඇසුරේ තොරතුරු සිය මිතුරුයකට කෙටි පණිවුඩ මගින් දන්වා ඇති අතර එම කෙටි පණිවුඩයක් සිය පෙම්වතාගේ දුරකතනයට ද අත්වැරදීමකින් ගොස් ඇති බව වාර්තා වේ.
මේ පිළිබඳ කලකිරීමට සහ බියට පත් වූ අදාල තරුණිය තම පෙම්වතාට මුහුණ දීමට නොහැකිව ගෙළ වැලලාගෙන සියදිවි හානි කරගෙන ඇත.
17 හැවිරිදි අදාල තරුණිය සියදිවි හානිකර ගැනීමට පෙර “මම ඔබට ආදරේ කරනවා නමුත් ඔබ මට වෛර කරනවා ඇති” යනුවෙන් සඳහන් කර සිය පෙම්වතාට අවසන් වරට කෙටි පණිවුඩයක් ද යවා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
එංගලන්තයේ ග්‍රේට් මැන්චෙස්ටර් ප්‍රාන්තයේ මෙම සිදුවීම සිදුව ඇති අතර ඇයගේ මරණ පරීක්ෂණයේ දී මියයාමට පෙර අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට හෙළි වී තිබේ.



No comments