Breaking News

ජපානය ශ්‍රී ලංකා තේ තහනම් කරයි..?



තේ වගාව සදහා ලොව පුරා භාවිතා කරන ග්ලයිෆොසෙට් නම් රසායනය ශ්‍රී ලංකාව තුල තහනම් කර ඒ වෙනුවට හදුන්වා දුන් MCPA නම් රසායනය ජපානයේ පිළිගැනීම අතින් පහළ මට්ටමක පවතින නිසා ඉදිරියේදී ජපානයෙන් ශ්‍රී ලංකාවට තේ තහනමක් පැනවීමේ අවධානමක් ඇති බව වැඩබලන පලිබෝධ නාශක රෙජිස්ටාර් ආචාර්‍ය ජේ.ඒ සුමිත් මහතා ප්‍රකාශ කරයි.

ග්ලයිෆෝසෙට් තහනම් කර ඇත්තේ රජයේ උවමනාව මත ඒ මහතා ප්‍රකාශ කලේය. 

එසේම මෙලෙස ග්ලයිෆොසෙට් ලංකාව තුල තහනම් කිරීමට කිසිදු ව්ද්‍යාත්මක පදනමක් නොමැති කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පලිබෝධනාශක තාක්ෂණික සහ උපදේශක කමිටුවේ අදහස බව ඒ මහතා ප්‍රකාශ කරයි. 

තේ මණ්ඩලයේ සභාපති රොහාන් පෙතියගොඩ මහතාගෙන් අප කල විමසුමකට අනුව ඒ මහතා ප්‍රකාශ කලේ ලංකාව තුල තේ වගාවට නුසුදුසු ජපානය සහ යුරෝපය අනුමත නොකරන රසායනික ද්‍රව්‍ය භාවිතා කරන ග්ලයිෆොසෙට් ලංකාව තුල තහනම් කිරීම සම්බන්ධව තමා තුලද පැහැදීමක් නොවන බවයි. 

No comments