Breaking News

මොරගහකන්දට ආචාර්ය නාමයක්


ජලය ඉල්ලා දීර්ඝ කලක් පීඩා විඳි රජරට ගොවීන්ගේ දුක් කඳුළු පිසලමින් මොරගහකන්ද ජලාශය යතාර්ථයක් බවට පත් කිරීමට තමාට හැකියාව ලැබුණු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළා.
මහවැලි සංවර්ධන ව්‍යාපෘතියේ පංච මහා ජලාශ නිමාව සනිටුහන් කරමින් පොල්ගොල්ල ජලාශය අසළ ඊයේ පස්වරුවේ පැවැති රාජ්‍ය උත්සවයට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ.
අනතුරුව උත්සව සභාව ඇමතූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  කියා සිටියේ 1994 වසරෙන් පසු පැවති සියලූ ආණ්ඩුවලින් මෙම ව්‍යාපෘතියේ වැඩ අවසන් කිරීමට නොහැකි වූ බවයි.
එමෙන්ම, මෙරට ශේෂ්ඨතම ඉංජිනේරුවෙකු වන ආචාර්ය ඒ.එන්.එස්. කුලසිංහට මහතාට ගරු කිරීමක් ලෙස මොරගහකන්ද ජලාශය ඔහුගේ නමින් නම් කරන ලෙසට තමා යෝජනා කරන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

No comments