Breaking News

බන්ධනාගාර නියාමකයන් ලිංගික අල්ලස් ඉල්ලලා


අනුරාධපුර බන්ධනාගාරයේ නියාමකවරුන් රැඳවියන් බැලීම සඳහා එහි පැමිණෙන රූමත් කාන්තාවන්ගෙන් ලිංගික අල්ලස් ලබා ගන්නා බව වාර්තා වේ

පසුගිය දිනෙක රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය රූමත් තරුණියකට උදවු උපකාර කළ හැකි බව කියමින් බන්ධනාගාර නියාමකයෙකු ඇගෙන් ජංගම දුරකථන අංක ඉල්ලාගෙන රාත්‍රී කාලයේ ඇය පදිංචිව සිටින නිවස ඉදිරිපිටට ගොස් එයින් පිටතට පැමිණෙන ලෙස දන්වමින් අයුතු යෝජනාවක්ද කර ඇත.

මේ පිළිබඳව ඇය බන්ධනාගාරගතව සිටින ඥාතියාට පවසා තිබෙන අතර ඔහු විසින් ඒ පිළිබඳව බන්ධනාගාරයේ උසස් නිලධාරියෙකුට දන්වනු ලැබූවත් ඊට ප්‍රතිචාර ලැබි නැත.

මේ ආකාරයෙන් පසුගිය කාලය පුරාවට බන්ධනාගාරයේ ඇතැම් නිලධාරීන් හා නියාමකයන් රූමත් කාන්තාවන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලීම් හා ලබාගැනීම් කර තිබෙන අතර ඔවුන්ගේ අවශ්‍යතා ඉටුනොවුන හොත් බන්ධනාගාර ගතව සිටින්නන්ට ඊට වන්දි ගෙවීමට සිදුවූ අවස්ථා කිහිපයක්ම මීට පෙර අනාවරණයවී ඇත.

මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබි ඇත්ද යන්න පිළිබඳව අනුරාධපුර එළිමහන් සිර කඳවුරේ සහකාර බන්ධනාගාර අධිකාරී කිත්සිරි බණ්ඩාර මහතාගෙන් කළ විමසීමකදී අදහස් දැක්වූ ඒ මහතා,

“ මට කිසිම පැමිණිල්ලක් ලැබිලා නෑ. එහෙම සිද්ධියක් වුණා නම් මාව මුණගැහිලා ඔවුන්ට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න පුළුවන්. අනිවාර්යයෙන් මම විනය ක්‍රියාමාර්ග ගන්නවා. බන්ධනාගාරයට එන කාන්තාවනුත් දැනගන්න ඕන නියාමකවරුන්ට දුරකථන අංක නොදී ඉන්න. ඒ අයත් විවිධ වරප්‍රසාද ලබාගැනීම සඳහා නිලධාරීන්ට දුරකථන අංක දීලා ගැටලු ඇතිකර ගන්නවා. යැයි කියා සිටියේය.

No comments