අති විශාල ජන ගග සමග එ.ජ.නි.ස ජන හමුව මඩකලපුවේදී ජනපති ප්‍රධානත්වයෙන් (PHOTOS) | Reporter අති විශාල ජන ගග සමග එ.ජ.නි.ස ජන හමුව මඩකලපුවේදී ජනපති ප්‍රධානත්වයෙන් (PHOTOS) - Reporter

Hot News

අති විශාල ජන ගග සමග එ.ජ.නි.ස ජන හමුව මඩකලපුවේදී ජනපති ප්‍රධානත්වයෙන් (PHOTOS)



මෙවර පළාත් පාලන මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග වදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කෙරෙන ජනහමු මාලාවේ මඩකලපුව දිස්ත්‍රික් ජනහමුව අද(21) පස්වරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මඩකලපුවේදී පැවැත්විණි.
ජාති, ආගම් බේදයකින් තොරව මඩකලපුව දිස්ති්‍රක්කයේ අතිවිශාල ජනතාවක් මෙම ජනහමුවට එක්ව සිටී අතර, අතිබහුතර වූ ද්‍රවිඩ ජනතාවකගෙන් ක්‍රීඩාංගණය පිරි ඉතිරි ගොස් තිබුණි.
ක්‍රීඩාංගණයට රැස්ව සිටී ජනතාවගෙන් මෙහිදී ජනාධිපතිතුමාට හිමිවූයේ උණුසුම් ප්‍රතිචාරයකි.
ටී.එම්.වී.පී පක්ෂයේ හිටපු භාණ්ඩාගාරික එරාවුර්පත්තු ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති තම්බිනායගම් කලේන්ද්‍රන් මහතා මෙහිදී ජනාධිපතිතුමාට සහය පළකරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්විය.

No comments