Breaking News

කාමාතුරයෙකුගේ ගොදුරක් වී නොඑන ගමන් ගිය මල් කැකුළ (PHOTOS/VIDEO)

පාකිස්තානයේ කසූර් ප්‍රදේශයේ 07 හැවිරිදි කුඩා දැරියක් අමානුෂික ලෙස අපයෝජනය කර මරා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
‘සෙනබ්’ නමැති එම කුඩා දැරියගේ ඝාතනයත් සමග එරට කුඩා දැරියන් රැක ගැනීම වෙනුවෙන් බොහෝ පිරිසක් විවිධ පියවර ගෙන තිබේ.
මේ අතර සෙනබ් දැරියගේ ඝාතනය සිදු කළ ඝාතකයන් සොයා ගැනීමට නොහැකිවීමත් සමග එරට පොලීසියට විරුද්ධව දැවැන්ත විරෝධතාවයක් හටගෙන තිබේ.
මීට හේතු වී ඇත්තේ දැරියගේ පරීක්ෂණ විධිමත් ලෙස සිදු නොවීම බව එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි. ඒ අනුව දැරියගේ ඝාතනය පිළිබඳව පොලීසියට පැමිණිලි සිදු කිරීමට ඥාතීන් කඩිනම් පියවර ගෙන ඇති බව එම වාර්තාවල දැක් වේ.


එසේ වුව ද දැරිය ඝාතකයා විසින් රැගෙන යන අයුරු දැක්වෙන මාර්ගවල CCTV දර්ශන හෝ සොයා ගැනීමට පොලීසිය උවමනාවක් නොදැක් වූ බව ඥාතීන් චෝදනා කරයි. ඔවුන් පවසන්නේ අදාළ CCTV දර්ශන පවා ඥාතීන් විසින් සොයාදුන් ඒවා බවයි.
මේ වනවිට අනාවරණ වී ඇත්තේ ඇය කුරාණය කියවීම සඳහා යමින් සිටිය දී එලෙස කිසියම් පුද්ගලයෙකු විසින් පැහැරගෙන ගොස් එම දැරිය අපයෝජනය කර ඝාතනය කර ඇති බවයි.
පසුව ඇයගේ සිරුර කසල ගොඩක තිබී පොලිසිය විසින් සොයා ගනු ලැබී ය. එම අවස්ථාව දැක්වෙන CCTV දර්ශන සමාජ මාධ්‍ය හරහා හුවමාරුවීමත් සමග විරෝධතා ව්‍යාපාරයක් ඇරඹී ඇත.
දැරියගේ පියා චෝදනා කරන්නේ පොලීසිය විසින් ක්ෂණික පියවර ගැනීමට සමත් වූවා නම් වරදකරු අත්අඩංගුවට ගැනීමට තිබූ බවයි. එසේම සිනමා තාරකාවන් මෙන්ම ක්‍රිකට් තරු මෙම දැරියගේ ඝාතනයට එරෙහිව පෙනී සිට ඇති බවයි වාර්තා වේ.
පාකිස්තානයේ පසුගිය වසර 02ක කාලය තුළ මේ හා සමාන ඝාතන 12කට ආසන්න ප්‍රමාණයක් සිදු ව ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.
පැහැර ගැනීම්, ලිංගික අතවර සහ ඝාතන සම්බන්ධයෙන් බලධාරීන්ගේ ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නොවන බව විරෝධතාවල නිරත පිරිස් පෙන්වා දෙයි.

No comments