මහින්දට කඩේ යන්න රණවිරු බිරින්දෑවරුන් පාරට දැමු අජිත් ප්‍රසන්නගේ රෙදි ගැලවෙයි! (VIDEO) | Reporter මහින්දට කඩේ යන්න රණවිරු බිරින්දෑවරුන් පාරට දැමු අජිත් ප්‍රසන්නගේ රෙදි ගැලවෙයි! (VIDEO) - Reporter

Hot News

මහින්දට කඩේ යන්න රණවිරු බිරින්දෑවරුන් පාරට දැමු අජිත් ප්‍රසන්නගේ රෙදි ගැලවෙයි! (VIDEO)

මියගිය හා අබාධිත රණවිරුවන්ගේ බිරින්දෑ වරුන් ඊයේ කොළඹට පැමිණි අතර ඔවුන් කොළඹට කැඳවා තිබුනේ මියගිය හා ආබාධිත රණවිරුවන්ගේ සංගමය විසින්. මෙම පිරිස කොළඹ සම්බුද්ධාලෝක විහාරයේදී මාධ්‍ය අහමුවක් පවත්වමින් තම ගැටළු ඉදිරිපත් කල අතර මෙහිදී ඔවුන් ඉල්ලා සිටියේ ආබාධිත රණවිරුවන් වෙත ජිව්තාන්තය තෙක් දැනට ලබා දී ඇති වැටුප ඔවුන්ටත් ලබා දෙන ලෙසයි. මියගිය රණවිරුවන්ගේ බිරින්දෑ වරුන්ට දැනට හිමි වන වැටුප රණවිරුවාගේ වයස 55 සම්පුර්ණ වූ පසු විශ්‍රාම වැටුප ලෙස දැනට ලැබෙන මුදලින් අඩක් ලැබෙන බවයි ඔවුන් පවසන්නේ. මේ පිළිබඳව ආරක්ෂක අමාත්‍යවරයා හා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අවධානයට ලක් කරන ලෙසත් මෙහිදී ජනාධිපතිවරයා වෙත පුර්ණ විශ්වාසය පල කරන බවත් ඔවුන් පවසා සිටියා… මේ පිළිබඳව ආරක්ෂක අමාත්‍යංශයේ නිලධාරියකු පැමිණ ඉදිරි දිනයකදී සාකචාවක්ද ලබා දීමට ලිකිත පොරොන්දුවක් දී ගැටලුව සාකච්චා මාර්ගයෙන් විසඳනු මාධ්‍ය ඔස්සේ වාර්තා කෙරුනා.
නමුත් අවසානයේ රාජපක්ෂවරුන්ට රණවිරුවන් පාවාදෙන මේජර් ජනරාල් අජිත් ප්‍රසන්න මහතා තම පටු දේශපාලන අරමුණු වෙනුවෙන් එම මාධ්‍ය හමුවට පැමිණි කාන්තාවන් මහ මගට ඇද දමා උද්ගෝෂණය කරන ලෙසට දැනුම් දී තිබෙනවා… තමන් මාද්‍ය සාකච්චාවක් පිණිස කැඳවා මාර්ගය අවහිර කරමින් දේශපාලන න්‍යායපත්‍ර ක්‍රියාත්මක කරන්නට සුදානම් වූ අජිත් ප්‍රසන්නට බැන වදිමින් රණවිරු බිරින්දෑවරු ඉන් ඉවත්ව යන අයුරුද මාධ්‍ය ඔස්සේ වාතා වනු දකින්නට ලැබුනා.
වර්තමානයේ ජනාධිපතිවරයා හමුවී ඕනෑම ගැටළුවක් විසඳා ගැනීමට අවකාශය තිබෙන තත්වයක් තුල අජිත් රෝහණලා මෙසේ රණවිරුවන්ගෙන් නොනැවතී රණවිරු බිරින්දාවරුන්වත් මහ පාරට ඇද දමමින් මේ කරන්නේ කුමක්ද? රාජපක්ෂලා මෙතරම්ම දේශපාලන බංකොලොත්ද??? එදා රණවිරුවන් පෙන්නමින් තම දේශපාලන බලය රැකගත් මොවුන් නොදුන් සහන රැසක් වත්මන් ජනාධිපති වරයා ප්‍රමුඛ ආණ්ඩුව ලබා දී තිබියදීත් මෙසේ හැසිරීම සැබවින්ම ලජ්ජා සහගතය.
පහතින් දැක්වෙන්නේ ප්‍රධාන රුපවාහිනී නාලිකා දෙකක් මෙම සිදුවීම වාර්තා කල ආකාරයයි…

No comments