Breaking News

දෙරණ වැඩසටහනකදී ධනුෂ්ක මහින්දව නාවයි...! (VIDEO)




දෙරණ රූපවාහිනී නාලිකාව විසින් විකාශය කරන ගම කාටද වැඩසටහන මීට සුලු මොහොතකට පෙර  විකාශය වූ අතර කොළඹ නගර සභාවේ හිටපු මන්ත්‍රී මහින්ද කහඳගම සහ එක්සත් ජාතික පක්ෂ මහරගම නගරාධිපති ධූර අපේක්ෂක ධනුෂ්ක රාමනායක මහතා එම වැඩසටහනට සහභාගී විය. 

වැඩසටහන ආරම්භයේ සිටම මහින්ද කහඳගම, වැඩසටහන මෙහෙයවන්නා අසනු ලබන ප්‍රශ්ණ මඟ හැර වෙනත්  අදාළ නොවන කරුණු කියවීමට කටයුතු කල අතර  මීතොටමුල්ල කුණු කන්ද පසුගිය රජය විසින් නොසලකා හැර කටයුතු කල බවටද ඔහු පිළිගන්නා ලදි. 

ධනුෂ්ක රාමනායක විසින් ඉතා නිරවුල්ව  අදාළ ප්‍රශ්ණ වලට උත්තර  ලබාදුන් අතර වැඩසටහන පුරාවටම දෙදෙනාගේ අධ්‍යාපන මට්ටම සහ දැනුම පිළිබඳ වූ පරතරය පැහැදිලිව දක්නට විය.

එම වීඩියෝව ඔබට පහතින් නැරඹිය හැක.

No comments