X30 ආසියානු ශුරතාවය 2018 – ඉතිහාසයේදී ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේදී. | Reporter X30 ආසියානු ශුරතාවය 2018 – ඉතිහාසයේදී ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේදී. - Reporter

Hot News

X30 ආසියානු ශුරතාවය 2018 – ඉතිහාසයේදී ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේදී.



ලෝකේ වියදම් වැඩිම ක්‍රීඩාව තමයි මෝටර් රථ ධාවන තරඟ. ඒ නිසාම ලංකාවට Car Race සංකල්පය එන්න සෑහෙන්න පරක්කු වෙනවා. ඒ ආවත් ලංකාවේ අය සහභාගී වුණ පොඩි පොඩි Race තමයි තිබුණේ. ඉතින් TV එකෙන් Internet එකෙන් Formula තරග බල බල හූල්ලන එක විතරයි අපි කරේ. හැබැයි ඉතිං ඉස්සරහට එහෙම වෙන්නේ නැහැ. Formula හා සමාන ජාත්‍යන්තර Race එකක් ළඟදීම ලංකාවේ පැවැත්වෙනවා. ඒ තමයි ලංකාවේ පළවෙනි ජාත්‍යන්තර කාර්ට් Race එක. “X 30 ආසියානු ශුරතාවය 2018”.ඩේවිඩ් පීරිස් සමුහ ව්‍යාපාරයේ සමාජිකයෙක් වන ඩේවිඩ් පීරිස් රේසිං ඇන්ඩ් ලෙෂර් (පෞද්ගලික) සමාගම තමයි මේ සුපිරි ජාත්‍යන්තර කාර්ට් Race එක සංවිධානය කරන්නේ. 2018 ජනවාරි 13 සහ 14 දවස් දෙකේ බණ්ඩාරගම ශ්‍රී ලංකා කාර්ටිං සර්කිට් එකේ තමයි මේ “X 30 ආසියානු ශුරතාවය 2018” පැවැත්වෙන්නේ.

දැන් ඔබ කල්පනා කරනවා ඇති මොකද්ද මේ “X 30” කියන්නේ කියලා. 2005 අවුරුද්දේ ප්‍රංශ වෙළෙඳ පොළට එනවා X30 125 cc කියලා එන්ජිමක්. ඒක ආරංචි වුණාම ඉතාලි ඇමෙරිකානු මෝටර් ඉංජිනේරු ආයතනය මේ එන්ජිමත් එක්ක X 30 කියලා තරඟාවලියක් සැළසුම් කරනවා. අන්තිමට X30 125 cc එන්ජිමට වඩා X 30 රේසිං තරඟාවලි ලෝකේ පුරා ජනප්‍රිය වුණා. ඒ තරම කොච්චරක්ද කියනවා නම් රටවල් 25කට වැඩි ගණනක ක්‍රීඩා සම්මේලන ගත්තත් පුද්ගලික අංශ ගත්තත් ඒ අය වැඩියෙන්ම සංවිධානය කරන්නේ “X 30 රේස්”. ඒ වගේම “X 30” රේස්වල වයස අවුරුදු 8 ඉඳලා ඉහළට හැම වයස් කාණ්ඩයක් සඳහාම, විවිධ එන්ජින් මොඩ්ල් 6කින් තරඟ ඉසව් පැවැත්වෙනවා. අද වෙද්දී ලෝකේ කාර්ටිං අංශයේ වඩාත් සාර්ථකම සහ ආකර්ශනීයම තරඟය තමයි “X 30”.

ඔබ දන්නවද? ලංකාවේ පැවැත්වෙන මේ කාර්ටිං තරඟාවලියට ජාත්‍යන්තරයෙන් ලොකු පිළිගැනීමක් තියෙනවා. මොකද මේ “X 30” තරඟාවලියට ජාත්‍යන්තර කාටිං කොමිසමෙන් වගේම ජාත්‍යන්තර මෝටර් ෆෙඩරේෂණ්හි පූර්ණ අනුමැතිය සහ අධීක්‍ෂණය ලැබිලා තියෙනවා. මේ තරම් ජාත්‍යන්තරයේ අවධානය හිමි වන, මේ තරම් විශාල රේස් එකක් ලංකාවෙ සහ දකුණු ආසියාවේ පවත්වන පළවෙනි අවස්ථාව තමයි මේ. ඉතින් ලංකාවේදී පැවැත්වෙන මේ “X 30” තරඟාවලිය, ආසියාවේ කාර්ටිං අනාගතයේ පළමු වෙඩි මුරය වේවි. ඒ වගේම 2018 වසර පුරාම සිංගප්පුරුවෙ සහ මැලේසියාවේ පැවැත්වෙන වට 6කින් සමන්විත රේසිං ශුරතාවයේ පළමු අදියර විදිහට හදුන්වන්නත් පුළුවන්.

ජනවාරි 13 සහ 14 දවස් දෙකේ බණ්ඩාරගම ශ්‍රී ලංකා කාර්ටිං සර්කිට් එකේ පැවැත්වෙන මේ “X 30 ආසියානු ශුරතාවය 2018” වෙනුවෙන් ලොව පුරා ජනප්‍රිය කාර්ටිං ශූරයන් 80කට වැඩි පිරිසක් තරඟ කරන්න සුදානම්. ඒ වගේම මිකැනික්වරු, තාක්ෂණික සහය කණ්ඩායම්, තරඟකරුවන්ගේ පවුල්වල උදවිය සහ මොටර් රථ ක්‍රීඩා ගැන උනන්දු වෙන පාර්ශ්වයන් ඇතුලු විදේශ අමුත්තන් 300 කට වැඩි පිරිසක් මේ “X 30 ආසියානු ශුරතාවය 2018” වෙනුවෙන් ලංකාවට එන්න නියමිතයි. ඒ වගේම ලංකාවේ ඉන්න ඔබ ඇතුළු විශාල පිරිසකටත් මේ සුපිරි ජාත්‍යන්තර රේස් එක සජීවීව බලන්න අවස්ථාව ලැබෙනවා.

සමහර විට දැන් ඔබට හිතෙනවා ඇති මේ වගේ ජාත්‍යන්තර තරඟාවලියක් පවත්වන්න බණ්ඩාරගම තියෙන සර්කිට් එක සුදසුද කියලා. ඔව්, මොකද නැත්තේ. බණ්ඩාරගම තියෙන ශ්‍රී ලංකා කාර්ටිං සර්කිට් එකේ තියෙන්නෙ බහු භාවිතයන් සදහා නිමවන ලද මීටර් 1216 ක ජාත්‍යන්තර ප්‍රමිතියේ රේසිං ට්‍රැක් එකක්. ඒකේ එකම වෙලාවෙ රේස් දෙකක් තියන්න පුලුවන්. ඒකට අමතරව මීටර 171කින් යුත් ජාත්‍යන්තර ප්‍රමිතියේ ට්‍රැක් එකක් තියෙනවා පොඩි දරුවන්ට. ඒ වගේම මෝටර් රථ ක්‍රීඩා ගැන උනන්දු වෙන ඕනෑම කෙනෙක්ට සියලු පහසුකම් එක්ක කාර්ටිං අත්දැකීම විදගන්නත් මෙතැනදී පුළුවන්. ඩේවිඩ් පීරිස් සමුහ ව්‍යාපාරයේ සමාජිකයෙක් වන ඩේවිඩ් පීරිස් රේසිං ඇන්ඩ් ලෙෂර් (පෞද්ගලික) සමාගම තමයි මේ ඇති දැවැන්ත වැඩේ පිටිපස්සේ ඉන්නේ.

ඉතිං 2018 නව වසරේ ආරම්භයත් එක්ක ලාංකිකයෝ විදිහට අපි හරිම ආඩම්බරයෙන් කට ඇරලා කතා කරන, ජාත්‍යන්තරය ඇස් ඇරගෙන බලාගෙන ඉන්න “X 30 ආසියානු ශුරතාවය 2018” ගැන තව විස්තර ඉස්සරහට අපි ඔබට කියනවා. එතකං ජනවාරි 13, 14 දවස් දෙක වෙන් කරගෙන ඉන්න මේ සුපිරි අත්දැකීම විඳගන්න

ඔබට මේ තරඟාවලිය ගැන වැඩි විස්තර www.x30.lk වෙඩි අඩවියට පිවිසීමෙන් දැනගන්නත් පුලුවන්. ඒ වගේම මෙම තරඟ නරඹන්න ප්‍රවේශපත් www.tickets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් වෙන්කරවා ගන්නත් ඔබට අවස්ථාව තියෙනවා.




No comments