Breaking News

පූජ්‍ය බෙල්ලන්විල නාහිමිගේ ආදාහන පූජෝ්ත්සවය හේතුවෙන් 120,119 මාර්ග වල වාහන ධාවනය සිමා වේ.



මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ දේහය තැන්පත් කර තිබෙන්නේ බෙල්ලන්විල රාජමහා විහාරයේයි.ආදාහන පූජෝත්සවය අද (08) පැවත්වෙනවා.

ආදාහන පූජෝත්සව කමිටුව වෙනුවෙන් ඒ පිළිබඳ කරුණු දක්වන සිසිර විජේසිංහ සඳහන් කළේ "අද පස්වරු 1.00 ට ආදහන පෙරහැර බෙල්ලන්විල රජමහා විහාරස්ථානයෙන් පිටත් වෙනවා. පෙරහැර මහරගම මාර්ගයේ ගමන් කර බොරලැස්ගමුව හන්දියට පැමිණ ඉන් රත්තනපිටිය දෙසට හැරී ඉන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ක්‍රීඩා පිටිය වෙත ගමන් කරනවා." යනුවෙනි.

රාජ්‍ය අනුග්‍රහය ඇතිව සිදු කෙරෙණ මෙම කටයුතු ඉතාම කෙටි කාලයකට සීමා කෙරෙන බවද සඳහන් කළා. 

මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන්ට ගෞරවයක් ලෙස අද සිය නිවසේ, කාර්යාලයේ හෝ ව්‍යාපාරික ස්ථානයේ කහ කොඩියක් ඔසවා තබන ලෙස මෙහිදී ඉල්ලීමක් ද කෙරුණා.  

මේ අතර අපවත්වී වදාළ මහාචාර්ය පුජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ ආදාහන පූජෝත්සවය වෙනුවෙන් අද (08) විශේෂ ධාවන සැලැස්මක් කි‍්‍රයාත්මක වනවා.

උන්වහන්සේගේ දේහය මේවනවිට තැන්පත් කර තිබෙන බෙල්ලන්විල විහරස්ථානය සහ ආදාහන පූජෝත්සවය පැවැත්වෙන ශි‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අවට ප‍්‍රදේශවල මෙම විශේෂ ධාවන සැලැස්ම කි‍්‍රයාත්මක කරන බවයි පොලීසිය පැවසුවේ.

ඒ අනුව දහවල් 12.30 සිට මහරගම දෙහිවල මාර්ගයේ වාහන ධාවනය බෙල්ලන්තර හංදියෙන් සීමා කෙරෙනු ඇති.

දේහය රැගත් පෙරහැර බොරලැස්ගමුව හංදියෙන් 120 බස් මාර්ගයට පිවිස රත්තනපිටිය හන්දිය දෙසට ගමන් කිරිමට නියමිතව තිබෙනවා. එම අවස්ථාවේදී 120 බස් මාර්ගයේ වාහන ධාවනය බොරලැස්ගමුව හංදියෙන් සහ පැපිලියාන හංදියෙන් සීමා කෙරෙනු ඇති.

ආදාහන පෙරහැරට අවස්ථාව ලබා දීම සඳහා අවස්ථානුකූලව, ආශි‍්‍රත අතුරු මාර්ගවලද වාහන ධාවනය සීමා කරන බව පොලීසිය පැවසුවා.

No comments