Breaking News

අධ්‍යාපන චාරිකා බස් එකේ කසිප්පු බෝතල් 5ක් - 200ක් ගානේ එකතු කරලා ගත්තලු....


බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසලකින් අධ්‍යාපන චාරිකාවක් ගිය බස් රථයක තිබී කසිප්පු බෝතල් 5ක් ඊයේ (27) උදෑසන ඕපනායක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පාසලේ සිට කොළඹ ප්‍රදේශයේ අධ්‍යාපන චාරිකාවක් යාමට පිටත් වු එම විදුහලේ සිසුන් ගුරුවරුන් සහිත බස්රථයේ සිසුන් විසින් මත්පැන් රැගෙන යන බවට ලැබුණු තෙරතුරක් මත විදුහලේ පාලන අධිකාරියෙන් පොලීසිය වෙත දන්වා ඇත.
බස් රථය පරික්ෂා කිරීමේදී එම කසිප්පු බෝතල් 5ක් සමග සැක පිට සිසුන් 6 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම සිසුන්ගෙන් ප්‍ර‍ශ්න කිරීමේදී සිසුන් 6 දෙනාගෙන් රුපියල් 200 බැගින් එකතු කර කසිප්පු මිලදී ගෙන ඇති බව හෙළි වී ඇති අතර පසුව මව්පියන් ගෙන්වා දැඩි අවවාද කිරීමෙන් පසුව සිසුන් දෙමාපියන්ට බාරදී තිබේ.

No comments