මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ සිද්ධීන් 518 ක් වාර්තා වෙලා | Reporter මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ සිද්ධීන් 518 ක් වාර්තා වෙලා - Reporter

Hot News

මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ සිද්ධීන් 518 ක් වාර්තා වෙලා

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාලව මැතිවරණ පැමිණිලි සහ මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ සිද්ධීන් 518 ක් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වී ඇති බව පොලිසිය පවසයි.


මැතිවරණ පැමිණිලි 392 ක් සහ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 126ක් ඒ අතර වන බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

ඊයේ දිනයේ පමණක් මැතිවරණ පැමිණිලි 25 ක් ලැබී ඇති අතර ගොඩකවෙල, පල්ලෙබැද්ද ප්‍රදේශයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 350 ක් අස්ථානගත වීමේ සිද්ධියක් ද වාර්තා වී තිබේ.

ගොඩකවෙල, රන්වල කොට්ඨාශයේ අම්බැවිල ප්‍රදේශයට බෙදාහැරීමට නියමිතව තිබූ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තොගයක් මෙලෙස අස්ථානයත වී ඇති අතර එම ප්‍රදේශයේ ලිපි බෙදාහැරීමේ නියෝජතයාට එරෙහිව පල්ලෙබැද්ද තැපැල් ස්ථානාධිපතිවරයා විසින් මෙම පැමිණිල්ල ගොනු කර ඇති බව සදහන්ය.

මේ අතර පසුගිය 09 වනදා සිට අද පෙරවරු 06.00 දක්වා වූ කාලය තුළ වාර්තා වූ සිද්ධීන් 518 ට අදාලව පුද්ගලයින් 352 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම පිරිස අතර මෙවර පළාත් පාලන ආයතන ඡන්දයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් 40 දෙනෙකු වන බව පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළේය.





(under the courtesy of adaderana.lk news web)

No comments