Breaking News

ඉක්මන කෙටි වෙයි


ඊයේ (15) රාති‍්‍ර 9.00 ට පමණ හැටන් දිඹුල බෝගහවත්ත ප‍්‍රදේශයේ පෞද්ගලික කිරි එකතු කිරිමේ මධ්‍යස්ථානයක සිට මුල්ලේරියාව දක්වා දියර කිරි ලිටර් නව දහස් හත්සියක් (9700) ප‍්‍රවහානය කළ බවුසරයක් ප‍්‍රධාන මාර්ගයේ පෙරළී අනතුරක් සිදුවි ඇති බව දිඹුල පොලීසිය පවසයි.

අධික බෑවුම් සහ වංගු සහිත මෙම මාර්ගයේ කිරි බවුසරය ධාවනය කරද්දි බවුසරයේ පසු පස රෝද මාර්ගයෙන් ඉවතට පැනිමෙන් මෙම අනතුර සිදුවි ඇති බව දිඹුල පොලීසිය පවසයි.

එම කිරි බවුසරයේ තිබෙන දියර කිරි වෙනත් බවුසර්වලට ඉවත් කිරිමෙන් අනතුරුව අනතුරට පත් කිරි බවුසරය මාර්ගයෙන් ඉවත් කරන තෙක් එම මාර්ගයේ ගමන් ගන්නා වාහන දිඹුල නගරය හරහා ධාවනය කරවන ලෙස දිඹුල පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි. 

අනතුරෙන් කිසිවෙකුටත් තුවාල සිදුවි නොමැති අතර මෙවැනි විශාල බවුසරයක් එම මාර්ගයේ ධාවනය කිරිමට නොහැකිව තිබියදි රියදුරා කෙටි මාර්ගයක් ඔස්සේ බවුසරය ධාවනය කිරිම නිසා මෙම අනතුර සිදුවි ඇති බව අනතුර පිළිබඳ පරික්‍ෂණ පවත්වන දිඹුල පොලිසිය පැවසුවේය. 

No comments