Breaking News

නීති විරෝධී මත්පැන් වැටලීමට ‍පොලීසියට බලයක් නෑ

Image result for kasippu
සුරාබදු නීතිරීති යටතේ ‍පොලීසියට කසිප්පු රා ඇතුළු නීති විරෝධී මත් දියර වැටලීම් සිදුකළ හැකි බවට පසුගියදා ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් දී තිබූ තීන්දුවක් අභියෝගයට ලක්කරමින් විත්ති පාර්ශ්වය විසින් ගාල්ල මහාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනයක් සලකා බැලූ ගාල්ල මහාධිරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ‍පොලීසියට එලෙස කසිප්පු නීතිවිරෝධී මත්ද්‍රව්‍ය වැටලීම් සිදුකළ නොහැකි බවට අද (20) මහාධිකරණයේදී තීන්දුවක් ප්‍රකාශයට පත් කළේය. 
සුරාබදු ආපදා පනතේ 52 වගන්තිය (52) වගන්තිය අනුව එසේ ‍පොලීසියට මත්දියර - කසිප්පු වැනි නීති විරෝධී මත්ද්‍රව්‍ය වැටලීම් සිදුකළ හැකි බවද එම වගන්තිය අනුව පැහැදිලි වන බවද වැඩිදුරටත් විනිසුරුවරයා සඳහන් කළේය. 
2017 මාර්තු මස 28 වැනි දින ත්‍රිරෝද රථයකින් නීතිවිරෝධී ලෙස බියර් බෝතල් 48ක් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් හබරාදූව ‍පොලීසිය විසින් එම ත්‍රිරෝද රථය සහ සැකකරුවෙකු අත්අඩංගුවට ගනු ලැබිණි. අනතුරුව සැකකරුට එරෙහිව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබිණ. ‍පොලීසිය පැමිණිල්ල ඉදිරිපත් කිරීමේදී විත්තිකරු පැමිණිල්ල බාර නොගනිමින් කියා සිටියේ ‍පොලීසියට තමාට නඩු පැවැරීමට නීතිමය බලයක් නැති බවය. ‍පොලීසිය මහේස්ත්‍රාත් අධිකරණයේදී කියා සිටියේ ‍පොලීසියට එවැනි නීති විරෝධී මැත්පැන් වැටලීමේ බලයක් තිබෙන බවය. මෙම කරුණ සම්බන්ධයෙන් සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා තීන්දු කළේ ‍පොලීසියට එවැනි වැටලීම් සිදුකිරීමට බලයන් පවතින බවය. 
එම තීන්දුවෙන් අනතුරුව විත්තිකරු විසින් ගාල්ල මහාධිකරණයට අභියාචනයක්් ඉදිරිපත් කරමි. එම තීන්දුව අභියෝගයට ලක් කළේය. එම අභියාචනය සලකා බැලූ ගාල්ල මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් සුරාබදු ආඥා පනතේ 52 වගන්තිය අනුව නීති විරෝධී මත්පැන් වැටලීමට ‍පොලීසියට බලයක් නොමැති බවට තීන්දු කළේය. 
අභියාචනය වෙනුවෙන් නීතිඥ සුසිත වල්ගම මහතා පෙනී සිටියහ.
 
කමල් විජේහේවා - ගාල්ල

No comments