ශ‍්‍රිලනිප ඇමතිවරුන් අමාත්‍යංශවලින් බඩු අස් කරති... | Reporter ශ‍්‍රිලනිප ඇමතිවරුන් අමාත්‍යංශවලින් බඩු අස් කරති... - Reporter

Hot News

ශ‍්‍රිලනිප ඇමතිවරුන් අමාත්‍යංශවලින් බඩු අස් කරති...

ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රීලනිප ඇමතිවරුන් පිරිසක් මේ වන විට සිය අමාත්‍යංශවලින් පුද්ගලික ලියකියවිලි බඩු බාහිරාදිය ඉවත් කරමින් සිටින බව වාර්තා වෙයි.
ශ‍්‍රීලනිප එජාප ජාතික ආණ්ඩුවෙන් හ‍්‍රිලනිපය ඉවත් විය යුතු යයි පක්‍ෂ මද්‍යම කාරක සභාව විසින් ගන්නා ලද තීරණය හේතුවෙන් මෙම පිරිස මෙසේ සිය භාණ්ඩ ඉවත් කරමින් සිටී.
මෙම පිරිසගේ ඊලග ක‍්‍රියාමාර්ගය කුමක්දැයි දැනගන්නට නැති අතර ඔවුන් එක් කර නොගන්නැයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායකයන් විසින් විරෝධතා දක්වමින් සිටිති.
වාර්තා වන ආකාරයට ආණ්ඩුවේ සිටින ශ‍්‍රීලනිප මැති ඇමතිවරුන්ගෙන් බහුතර පිරිසක් විපක්‍ෂයේ අසුන් ගැනීමට නියමිත අතර තවත් පිරිසක් එක්සත් ජාතික පක්‍ෂය සමග එක්ව ආන්ඩුව කරගෙන යාමට තීරණය කර ඇති බවද පැවසෙයි.

No comments