Breaking News

බස් එකේ දී කළ අතවරය සරසවි සිසුවිය විඩියෝ කරලා පොලීසියට දීලා...


දිල්ලි විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යාවක් විසින් මැදි වයසේ පුද්ගලයෙකුට එරෙහිව ලිංගික හිංසනයක් සිදුවූ බවට ගොනුකල චෝදනාවක් පිළිබඳව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඒ එම පුද්ගලයා විසින් මහමග ගමන් කරනා බස් රථයක් තුල රහස් ප්‍රදේශය ඇයට පෙන්වමින් ඇගේ ඉඟටිය ස්පර්ශ කිරීමට උත්සාහ කල බව පවසමින්ය. විදෙස් වාර්තා වලට අනුව මෙම සිදුවීම ඉකුත් 7වන දින Vasant Village සහ IIT Gate අතර මාර්ගයේදීයි සිදුවී තිබේ.
පැමිණිලිකාරිය විසින් මේ පිළිබඳව තම අකමැත්ත ප්‍රකාශකරමින් කෑ ගසා ඇති නමුත් බස් රථයේ ගමන් කල මගීන් පවා එය පිලිබදව සැලකිල්ලක් නොදැක්වූවා ඇති බව ඇය සදහන් කරයි.
මෙම අතවරය කල පුද්ගලයාගේ මේ පහත් ක්‍රියාව සිසුවිය විසින් සිය ජංගම දුරකථනයෙන් පටිගත කර එයද තම පැමිනිල්ල සමග ඉදිරිපත් කර තිබුනා. එමෙන්ම මෙම වීඩියෝව අන්තර්ජාලයටද එක්ව තිබුනු අතර කාමාතුරයාව පැහැදිලිව හදුනාගත හැකි අයුරින් එහි පටිගතව තිබුනා.

No comments