Breaking News

අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ පුටු මාරුව මෙහෙමයි...


යෝජිත කැබිනට් සංශෝධනයට අදාළ එක්සත් ජාතික පක්ෂයේ ලැයිස්තුව 22 වනදා සන්ධ්‍යාවේ ජනාධිපතිවරයා වෙත යොමුකළ බව එම පක්ෂයේ ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

එජාප ආරංචිමාර්ග හරහා වාර්තා වන ආකාරයට කැබිනට් සංශෝධනයට අදාළ අවසන් ලියවිල්ල සැකසීම එක්සත් ජාතික පක්ෂයට ද අභියෝගයක් වී ඇති අතර ඒ මෙතෙක් අමාත්‍යංශ දරමින් විවිධ දුෂණ අක්‍රමිකතා සහ අක්‍රීය ලෙස අමාත්‍යංශ හසුරවන ලද අමාත්‍යවරුන් වෙත එම අමාත්‍යධුර නැවත ලබානොදීමට කටයුතු කිරීමට සිදුව තිබු නිසාය.

එසේම එම තීරණයට ජනාධිපතිවරයා මෙන්ම අග්‍රාමාත්‍යවරයා පොදු එකඟතාවක් පලවී තිබු මුත් පළාත් පාලන මැතිවරණයෙන් පසුව එජාපය තුළ ඇතිවූ මතගැටුම් හේතුවෙන් මෙම ඇමති විෂය නම් කිරීම ඉතා දුෂ්කර කටයුත්තක් වූ බවද එම ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

එසේම සරත් ෆොන්සේකා අමාත්‍යවරයා වෙත මෙතෙක් ලබාදී තිබූ ප‍්‍රාදේශීය සංවර්ධන අමාත්‍යධුරය වෙනුවට නීතිය හා සාමය අමාත්‍යාංශය ඔහුට පිරිනමන්නට එජාප නායකත්වය තීරණය කර ඇති බවද වාර්තා වෙයි.

සරත් ෆොන්සේකා අමාත්‍යවරයා නීතිය හා සාමය විෂය තුළ උස් පහත් භේදයකින් තොරව නීතිය අකුරට ක්‍රියාත්මක කිරීම සඳහා එම අමාත්‍යංශය මෙහෙයවනු ඇති බවය. එසේම ඒ හරහා පසුගිය පාලක රෙජීමයේ දුෂිතයන් සහ විවිධ අක්‍රමිකතා වලට සම්බන්ධ චෝදනා ලැබුවන්ට අදාළව නීතිය හරිහැටි ක්‍රියාත්මක නොවීම සම්බන්ධව ආණ්ඩුවට එල්ලවී ඇති චෝදනා සමනය කර ගැනීමට හැකියාවක් ලැබෙනු ඇති බවය.

එසේම මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගේ අමාත්‍යධුරවල කිසිඳු වෙනසක් නොකළ යුතු බවටද එජාප නායකත්වය තීන්දු කර ඇති බව වාර්තා වෙයි.


තවද විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයාට එම විෂයට අමතරව විදේශ රැකියා අමාත්‍යධුරය ලබාදීමටද කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

No comments