Breaking News

ටැබ් දෙන්න ගිය සල්ලි අපිට දෙන්න...

feature-top
උසස් පෙළ සිසුන් සහ ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබාදීමට වෙන් කළ මුදලින් කොටසක් ගුරුවරුන්ගේ සංවර්ධනය වෙනුවෙන් යෙදවිය යුතු බව අධ්‍යාපනඥයින් පවසනවා.

දැනට ක්‍රියාත්මක  ගුරු පුහුණුවද නිසි ලෙස සිදු නොවෙන බවයි ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ හිටපු සභාපති මහාචාර්ය ලක්‍ෂ්මන් ජයතිලක මහතා කියා සිටින්නේ.
ළමුන්ට නිසි අධ්‍යාපනයක් ලබාදීමට ගුරුවරුන්ට අවශ්‍ය ප‍්‍රතිලාභද ලබාදිය යුතු බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

උසස් පෙළ සිසුන් එක් ලක්‍ෂ හැත්තෑ දහසකට සහ ගුරුවරුන් තිස් දහසකට ටැබ් පරිගණක ලබදීමට 2017 අයවැයෙන් රුපියල් බිලියන 5 ක් වෙන් කෙරුණා. එම ව්‍යාපෘතිය පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් අත්හිටවනු ලබුවා. ඒ, එම මුදල් පාසල් සංවර්ධනය සඳහා යෙදවීම යෝග්‍ය බව පවසමින්.

No comments