Breaking News

මිනීමරුවකුගේ වමනයෙන් හෙළි වුණ සරත් අඹේපිටිය ඝාතනයේ සුලමුල.



පනස් අට වැනි උපන් දිනය තිබෙන්නේ හෙටය. එහෙත් හෙට වැඩ වැඩි දවසකි. එබැවින් බිරිඳත්, කුඩා දරුවාත් සමග අද හවස පන්සල් යා යුතුය. ඒ අනුව ඔවුන් දෙදෙනාද සමගින් සරත් අඹේපිටිය, මහාධිකරණ විනිසුරුවරයා කැලණි රජමහා විහාරයට එන්නේ විනිසුරුකම නිවසේ තබාය. දැන් තමා බිරිඳට ස්වාමියෙකි, පුතුට පියෙකි. කැලණිය වරක් ශ‍්‍රී සම්මා සම්බුදු ගෞතමයාණන් වහන්සේගේ පාදස්පර්ෂයෙන් පරම පූජනීය වූ බිමකි. ඒ බිමේ පඩි එකින් එක නැග විහාර මළුවට යද්දීද විනිසුරුවරයාගේ මනසේ තිබුණේ තමා හෙට අනිද්දාට දෙන්නට නියමිත තීන්දු ගැන මතකයන් ය.
ස්වාමියකු වන්නට, පියකු වන්නට කොපමණ  ඕනෑ වුවද තමා ස්වාමි පුරුෂයින්, පියවරුන් සියගණනක් තව කොපමණ කලක් ජීවත් වෙනවාද, ජීවත් වෙනවා නම් ඒ කොහේද යන්න තීරණය කරනා අයකු බව සරත් අඹේපිටිය මහතාට මතකය. එබැවින් තම වගකීම වගවීමක් දක්වා දුර රැගෙන යන්නට ඔහු දෙවරක් සිතුවේ නැත.

“අම්මෝ.. අඹේපිටිය මහත්තයා නම් නඩුව අහන්නේ ටිකක් අමාරු වේවි…”
“අඹේපිටිය සර් නම් වෙන අය වගේ නෙවෙයි. නීතිය නම් නීතිය..”
“මිස්ටර් අඹේපිටිය කිසිම කෙනෙක්ට උදව් කරන්නේ නෑ. කාටවත් බැඳිලාත් නෑ. දවසක එයාට  ඕකම හරහට හිටින්න පුළුවන්..”
විවිධ තැනැත්තන් ඔහු වෙනුවෙන් ලබාදුන් කියැවීම් එසේය. මහ බැංකු බෝම්බය සම්බන්ධව වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ට වසර 200ක සිර දඬුවමක් දී තවමත් ගතවූයේ මාස දෙකකි. රුදුරු කොටින්ට එරෙහිව එසේ තීන්දුව දුන් ඔහුට හෙට අනිද්දාම මෙරට යුද හමුදා සෙබළුන් කිහිප දෙනකුට එරෙහි නඩුවක විනිසුරු පුටුවේ වාඩි වෙන්නට නියමිත විය.
(පසුගියදා තීන්දුව ලබාදුන් මිරුසුවිල් සිද්ධිය එයයි) මේ සියල්ල මැද රටම වෙළාගෙන යන මත්කුඩු සම්බන්ධ නඩු දැන් දැන් උසාවියට නිතර පැමිණේ. තමා නරඹා ඇති උතුරු ඇමෙරිකා හා මෙක්සිකානු සිනමා පටද, කියවා ඇති ග‍්‍රන්ථද, නඩු තීන්දුද අනුව මත්කුඩු දිනෙක මෙරටට මහා විනාශයක් කරනා බව ස්ථිර ය. මේ නස්පැත්තිය පිටුපස සිටිනා පුද්ගලයින්  රැසකි. කොළඹ කේන්ද්‍රකරගත් මුස්ලිම් පාතාලය එහි මුදුනේම සිටියි. මුස්ලිම් ජාතිකයින් අවුස්සා ගැනීමට අකැමැති බොහෝ පිරිස් ඔවුනට එරෙහිව ”තද” තීරණ නොගන්නා බව නොදන්නවා නොවේ. තමාට එසේ විය නොහැක. දියයුතු දඬුවම ”සහජීවන” ලේබලයෙන් වළක්වාලීමට කිසිවකුට ඉඩ නොතැබිය යුතුය. මේ සියල්ල සිතමින් විනිසුරු සරත් අඹේපිටිය මහතා කැලණි විහාරය ඉදිරිපිටින් බේස්ලයින් මාවතට පැමිණ විදුලිපහන් එළිය යටින් නැවත නිවසට පැමිණියේය.
පොලිස් පරීක්ෂක උපාලි බණ්ඩාර සේවය කළේ ඇමැති ආරක්ෂක අංශයේය. ඔහු තවත් නොබෝ දිනකින් විශ‍්‍රාම යන්නට සිටියේය. ගත වූ වසර කිහිපය තුළ මත්පැන් ගැනීම නතර කළ උපාලි මහතා මස් මාංශ ආහාරයට ගැනීමද සම්පූර්ණයෙන්ම නතර කළේ ය. සිය ආදරණීය දියණියන් තිදෙනා විවාහ වූ පසු මඳ කාලයක් පැවිදි ආශ‍්‍රමයක නවතින්නට සියල්ල සූදානම් කරන්නටද උපාලි මහතා කටයුතු කරමින් සිටියේය. ඒ  සඳහා තමාට සුදුසු ස්ථානයක් සොයා දුන්නේද මේ දිනවල තමා සේවය සපයන විනිසුරු සරත් අඹේපිටිය මහතා ය. හැමදාමත් මෙන් එදිනද උපාලි බණ්ඩාර උදෑසන තුනට අවදි විය. අවදි වී සුපුරුදු පැය දෙකේ භාවනාව අවසන් කළ පොලිස් පරීක්ෂකවරයා අනතුරුව බිරිඳද සමග දවසේ කටයුතුවලට සූදානම් විය. එක දිගට රාජකාරි කිරීම හේතුවෙන් තම ස්වාමියා වෙනදාට වඩා වෙහෙසකින් සිටින බව බණ්ඩාරගේ බිරිඳට පෙනුණි.
“ඔයා අද වැඩට යන්න එපා. අද පොඩි නිවාඩුවක් දාන්න..”
“බෑ. බෑ. අද අඹේපිටිය මහත්තයා උසාවි. මම යන්නම  ඕන. අද අර ඩ‍්‍රයිවර් එන්නෙත් නැද්ද කොහේද..”
ඒ ස්වාමියාගේ පිළිතුරද සමග බිරිඳ ඉන් ඉදිරියට යමක් කියන්නට ගියේ නැත. ස්වාමියාට රාජකාරිය උතුම් බව වසර ගණනක් විවාහ ජීවිතයේ ඇය හොදින් දැන සිටියා ය.
ලකලැහැස්ති වී සේවය සඳහා බුලර්ස් පටුමග, කොළඹ 07 හි මහාධිකරණ විනිසුරුවරයාගේ නිවසට පොලිස් පරීක්ෂකවරයා පැමිණියේය. සිතුවාක් මෙන් එදින විනිසුරුවරයාගේ රියැදුරා නැත. එවන් දිනවලදී අඹේපිටිය මහතා සමග කාර් රථය පදවාගෙන යනු ලබන්නේ අඹේපිටිය මහතාගේ බිරිඳයි. නොවේ නම් යම් මිතුරෙකි. මෙදින ඒ දෙදෙනාම නැත. එසේ යැයි කියා අඹේපිටිය, මහාධිකරණ විනිසුරුතුමන්ට අධිකරණයට නොගොස් සිටිය නොහැක. බණ්ඩාර, පොලිස් පරීක්ෂකතුමන් රියැදුරු අසුනට ගොඩ වන්නේ,
”ගුඞ් මෝනිංග් සර්..” කියාගෙනමය. ඒ 2004 වසරේ ඉල් මස 19 වැනිදාය. නොඑසේ නම් නොවැම්බර් මස 19 වැනිදා ය.
දිනය සුපුරුදු පරිදි ගෙවී ගියේ ය. අධිකරණයේ කටයුතු පස්වරු 3 පමණ වනවිට අවසන් විය. විනිසුරුවරයා නැවත නිවෙස කරා යන්නට රථයට ගොඩ වූ පසු රථය පස්වරු 3.25ට මහාධිකරණයෙන් පිටත් විය. අලූත්කඬේ සිට කොළඹ 07ට මහ දුරක් නැත. විනිසුරුවරයාද සමග කාර් රථය ආරක්ෂිතව පදවාගෙන බුලර්ස් පටුමගේ හෙවත් සරණ මාවතේ ඔටර්ස් සමාජ ශාලාව අසලට පැමිණුනි. විනිසුරුවරයාගේ නිවෙස තිබෙන්නේ ඒ ආසන්නයේ ය. රථය නිවෙසට හරවද්දීම බණ්ඩාර පොලිස් පරීක්ෂකවරයා ඈතින් නවතා ඇති සුදු පැහැති වෑන් රථය දුටුවේ ය. රථය අසලම අයෙක් තාප්පය අල්ලාගෙන කුමක්දෝ කරමින් සිටියේ ය. බොහෝ විට වමනය දමමින් සිටියේ ය. මේ මහ දවාලේ මහපාර අයිනේ වමනය දමන්නේ කවුදැයි සිතමින් වාහනය පෝටිකෝවේ නතර කළ පොලිස් පරීක්ෂකවරයා විනිසුරුවරයා ඉන් බසින තෙක් රැු`දී සිටියේ ය. විනිසුරුතුමන් රථයෙන් බැස පසුපස අසුනේ වූ තම බෑගය ගන්නට නැඹුරු වූවා පමණි. එක්වරම වෙඩි හඬ කිහිපයක් ඇසිණි. මෙතෙක් ඉතිහාසයේ කිසිදු දිනක විනිසුරුවරයකු ඝාතනය වී නැත. එහෙත් මේ මොහොත තරමක භයානක බවක් පොලිස් පරීක්ෂකවරයාට දැනිණි. ඔහුද වහාම රථයෙන් බසින්නට දොර හැරියේ ය. සිය සිරුර සම්පූර්ණයෙන්ම රථයෙන් එළියට ගන්නට හෝ වේලාව ලැබුණේ නැත. නැවතත් වෙඩි හඬ කිහිපයක් ඇසුණි. ඉන් පසු සියල්ල නිහඬ විය. කාර්යබහුල සරණ පාරේ වාහන යන එන හඬ පමණි. ඉඳහිට වාහනයක නළා හඬ පමණි. ගත වූයේ විනාඩියකට අඩු කාලයකි. නිවසේ සිටි පිරිස් වහා එළියට දිව ආවේ කාර් රථය පැමිණි හඬ හා වෙඩි හඬ යන දෙකම එකම විට පැමිණි නිසාවෙනි.
ඔවුන් පැමිණෙන විට මෙරට ඉතිහාසය එහි අලූතින් ලියැවී තිබිණි. ශ‍්‍රී ලාංකීය ඉතිහාසයටත්, ලෝක නීති ඉතිහාසයටත් අලූත් සුදු කොඩියක්, කළු දිනයක් එක් කරමින් මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතා ඔහුගේ 58 වැනි ජන්ම දිනයේදීම ඝාතනය කර තිබුණි. එසේම ඔහුගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියා වූ පොලිස් පරීක්ෂක උපාලි බණ්ඩාරද ඝාතනය වී තිබුණි. උපාලිගේ එක් පයක් තවමත් කාර් රථයේ ය. වට පිටාවේ කිසිදු සාක්ෂියක් නැත. එකල ක්‍ක්‍ඔඪ කැමරාද නැත. මියගිය පුද්ගලයින්ගේ සිරුරු තුළ වූ මූනිස්සම් හා අසල වැටී තිබූ පතොරම් කොපු හැරුණු විට වෙනත් කිසිවක් වට පිටාවේ නොවීය. අපරාධකරුවන්ගේ ඉරණම තීන්දු කරන්නට සිටි විනිසුරුවරයාගේ ඉරණම අපරාධකරුවකු විසින් එසේ තීන්දු කර තිබුණි.
කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීහු හැකි ඉක්මනින් අදාළ ස්ථානයට පැමිණියහ. එකල අප රටේ සොකෝ නිලධාරීන් සිටියේ නැත. පැමිණි පිරිසට එක්කරගන්නට හැකි භෞතික සාක්ෂි වූයේ ඉහත කී මූනිස්සම් හා පතොරම් කොපු පමණි. අපරාධකරුවන් කෙසේ හෝ සොයාගත්තද ඔවුන් උසාවිය හමුවේ වැරදිකරුවන් කරන්නට මේ සාක්ෂි කිසිසේත් ප‍්‍රමාණවත් නැත. මේ අතර හදිසියේම පොලිස් කණ්ඩායමට තවත් අපූරු යමක් දකින්නට ලැබුණි. එනම් විනිසුරුවරයාගේ නිවසට ම`ද දුරක් ඉදිරියට වන්නට තිබූ ”වමනය” කොටසකි. මෙකී වමනය එදිනම සවස් කාලයේ දැමූ ඒවා වියයුතු බව පොලිස් කණ්ඩායමේ විශ්වාසය විය. වමනය ස්වල්පයක් අපරාධයක් විමර්ශනය කරන්නට උදව් වන්නේ කෙසේද.. එය කෙසේ හෝ විය හැකි බව එහි සිටි එවකට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සරත් ලූගොඩ මහතාට වැටහිණි.
”මේ ටික ඉක්මනට බොරැුල්ල ජින්ටෙක් එකට ගෙනියන්න  ඕන. ඒත් ප‍්‍රශ්නය මේකේ තියෙන ඞී.එන්.ඒ සාක්ෂි කොටස් විනාශ නොවෙන්න අරගන්න එකයි, ගෙනියන එකයි..”
එවකට මෙවන් ඉතා සංවේදී සාම්පල එකතු කරන්නට විශේෂ උපකරණ පොලිසිය සතුව තිබුණේ නැත. ඒවා ප‍්‍රවාහනයට විශේෂ උපකරණද ඔවුන් සතුව  නැත. අද වන විට පොලිස් දෙපාර්තමේන්තුව සතුව ඒ සියල්ල තිබේ. අවශ්‍ය තාක්ෂණික දැනුමද තිබේ. එසේම ඒ වෙනුවෙන්ම පුහුණු වූ පිරිසක්ද වෙති. එදා මේ සියල්ලම නැති වටපිටාවක පොලිසිය අදාළ වමනය කොටස් එකතු කරගත්තේ ක්‍ෘ තැටියක් රඳවන්නට යොදා ගන්නා පොලිතින් කවරයක ය. එකී පොලිතින් කවරයේ එක් පැත්තක් ඇලවිය හැක. මෙකී කටයුතු අවසන් වෙනවිට සන්ධ්‍යාව එළැඹී තිබුණි. උසාවි නියෝගයද රැුගෙන සාම්පලය බොරැුල්ල ජින්ටෙක් ආයතනය වෙත රැුගෙන යනවිට රාත‍්‍රියද උදාවී තිබුණි. දැන් තවත් ගැටලූවකි. ජින්ටෙක් ආයතනය වසන්නේ සන්ධ්‍යාවේ ය. සාම්පලය කිතුල්වත්ත පාරදිගේ වේගයෙන් ආයතනයට ළඟා වෙද්දී ආයතනයේ ගේට්ටු වසා තිබුණි. එහෙත් එසේ හුරතල් වෙන්නට වේලාවක් දැන් නැත. පසුදා උදෑසන වනතෙක් සාම්පලය ඔවුන් භාරයේ තබාගන්නටද නිලධාරීහු අපේක්ෂා නොකළහ. සාම්පලයේ ඇති වටිනා ඞී.එන්.ඒ සාක්ෂි විනාශ වුවහොත් විනිසුරු ඝාතකයින් බේරී යනු ඇත.
අවසානයේ මහා රාත‍්‍රියේම ජින්ටෙක් ආයතනයේ නිර්මාතෘ ආචාර්ය මායා ගුණසේකර මහත්මිය මෙකී සාම්පලය භාරගැනීමට පැමිණියාය. ඇයට සාම්පලය භාරදුන් පසු පොලිස් කණ්ඩායම පිටව යන අතර සාම්පලය ආරක්ෂිතව ඉදිරි කටයුතු සඳහා -80ඣීක්‍ අවම උෂ්ණත්වයක තැම්පත් කෙරේ. මේ වන විට රටම ගිනිගෙන හමාරය. මිනීමරුවෝ රූපවාහිනියෙන් සිදුවීම නරඹමින් සිටිති. තමන් අපරාධය සිදුකළ ස්ථානයේ කිසිදු සාක්ෂියක් ඉතිරි නොකර ආ බව ඔවුන්ට විශ්වාසය. ඒ ඔවුන් දන්නා තරමය.
ඒ 1983 වසරයි. මේ 2004 වසරයි. ආචාර්ය මායා ගුණසේකර මහත්මිය සරත් අඹේපිටිය ඝාතන ස්ථානයේ තිබී සොයාගත් වමනය සාම්පලය ආරක්ෂිතව සිය විද්‍යාගාරයේ තැන්පත් කළේ පසු විමර්ශන කටයුතු සඳහා ය. පසුදින අදාළ සාම්පලය විමර්ශනය කිරීමේ වගකීම පැවැරෙන්නේ ආචාර්ය රුවන් ඉලේපෙරුම මහතාටය.
මේ ඞී.එන්.ඒ. පරීක්ෂණයට බොහෝ පෙර කියැවුණු කරුණු කිහිපයකි. මේ සූදානම් වන්නේ වමනය සාම්පලය යොදා ගනිමින් ඉන් මනුෂ්‍ය ඞී.එන්.ඒ. යම් ප‍්‍රමාණයක් වෙන් කර ගැනීමටය. එසේ වෙන් කරගන්නා ඞී.එන්.ඒ සුළු ප‍්‍රමාණය හෝ දිනෙක රටේ අපරාධ පසිඳලීමේ ඉතිහාසය වෙනස් කරන්නට සමත් වනු ඇත. සාමාන්‍ය විද්‍යාව පිළිබඳ දැනුමක් ඇත්තකුගේ සිට එසේ නොමැත්තකු දක්වා බොහෝ පාඨක පිරිසකට මෙහිදී ගැටලූවක් පැන නගිනු ඇත.
”වමනෙවල කොහේද ඞී.එන්.ඒ…? වමනය කියන්නේ හොඳට ජීර්ණය වුණ ආහාර. ඒක ඇවිල්ලා මේ ෙසෙල තියෙන දෙයක් නෙවෙයිනේ.. වමනයේ ඞී.එන්.ඒ. තියෙන්න බෑ…”
”ඔව්, ඒක හොඳ ප‍්‍රශ්නයක්. මෙහෙමයි. අපි කෑම කෑවට පස්සේ ඒවා කටින් ඇතුළට ගිහින් ආමාශයේදී තමයි ජීර්ණය ආරම්භ වෙන්නේ. ආමාශය ඇතුළේ මේ ආහාර පිටි කොටන මැෂිමක් ඇතුළේ හාල් ඇට කරකැවෙනවා වගේ කර කැවෙනවා. ඒ අතරේ ඒවා ආමාශයේ තියෙන ආහාර ජීර්ණය කරන යුෂ සමග එකතු වෙලා, කවලම් වෙලා ආමාශයේම බිත්ති සමග ගැටෙනවා. අන්න ඒ මොහොතේ ආමාශයේ අභ්‍යන්තර බිත්තියේ තියෙන අපිච්ඡුද ෙසෙල (මේ වදන බර වැඩි වේ නම් ආමාශයේ ඇතුළු බිත්තියේ ඇති යම් ෙසෙල තට්ටුවක් යැයි දළ වශයෙන් සිතාගන්න* ගැලවිලා අර ආහාර ගුලිය සමග එකතු වෙනවා. මෙන්න මේ ෙසෙලවල ඞී.එන්.ඒ. තියෙනවා. ඒ වගේම, කෑමක් අරන් ඒක ආයාසයක් යොදලා වමනය කරද්දී ආමාශයේ ඉ`දන් කට දක්වා එන නළයේ ඇතුළු බිත්තිවල තියෙන ෙසෙලත් ගැලවිලා අර ගුලියටම එකතු වෙන්න පුළුවන්. මෙන්න මෙහෙමයි වමනය සාම්පලයකට ඞී.එන්.ඒ. එකතු වෙන්නේ..” ඒ ආචාර්ය රුවන් ඉලේපෙරුමයන් ය.
මිනිස් සිරුරේ ඞී.එන්.ඒ අඩංගුවන්නේ මිනිස් සිරුරට සම්බන්ධව පැවති කුමක් හෝ ජීවි (පණ ඇති* ද්‍රව්‍යයකය. එනම් එකී ද්‍රව්‍යයේ කුමන හෝ අවස්ථාවක ඒවා මිනිස් සිරුරට සම්බන්ධව පැවැතිය යුතුය. කෙස් ගසක්, නියපොතු කැබැල්ලක් හෝ සමෙන් සීරී ගිය කොටසක් සිහිපත් කර ගැනීමෙන් මෙය වැටහේ. ඒ අතරේ මිනිසාගේ ආමාශය වැනි කොටසක අඩංගු ෙසෙල ස්වල්පයක් වමනය සමග එක්වීමද තවත් ආකාරයක සිදුවීමකි.
මෙලෙස වමනය වූ කොටසට එක්වන ෙසෙල කොටස් අඩංගුවන්නේ අදාළ වමනය සාම්පලයේ ඇති ”ශ්ලේෂ්මලය” නම් දියරමය කොටසේ ය. දැන් මෙකී ශ්ලේෂ්මය ප‍්‍රවේසමට වෙන්කරගත යුතුය. අදාළ සාම්පලයේ විශාල වශයෙන් ආහාර තිබුණද එහි ඞී.එන්.ඒ. අඩංගු වන්නේ ඉතා සුළු වශයෙනි. ආචාර්යවරයා මේ බව දුටු මතින් අවබෝධ කර ගත්තේ ය. යම් හෙයකින් තමා අතින් මෙකී සාම්පලයේ ඞී.එන්.ඒ. සාර්ථකව වෙන්කරගත නොහැකි වුවහොත් අපරාධකරුවන් අපරාධ ස්ථානයේ සිටිබව අධිකරණය හමුවේ ඔප්පු කළ හැකි වටිනාම සාක්ෂියක් නැතිව යා හැක. එකී වගකීම් මෙවන් පරීක්ෂණ සිය ගණනක් (අද වන විට දහස් ගණනක්* සිදුකර ඇති ආචාර්ය රුවන් ඉලේපෙරුම සිය උර මතට ගත්තේ ය. ඉතාමත් පරිස්සමට මුලින් කී ශ්ලේශ්මල කොටස් වෙන් කරගත් අතර අනතුරුව ඉන් ඞී.එන්.ඒ. කොටස් වෙන්කර ගැනීම ඇරඹීය. මෙහිදී වෙන් කරගත් ඞී.එන්.ඒ. මුලින්ම මානව ඞී.එන්.ඒ. හෙවත් මේවා මනුස්සයෙකුගේද වෙනයම් සතෙකුගේද යන්න විමසිය යුතුය. මහ මඟ අයිනේ තිබෙනා වමනය කොටසක් මනුස්සයෙකුගේම යැයි කියන්නට කිසිවකුට නොහැක. එය කිව හැක්කේ මෙකී පරීක්ෂණයටම පමණි.
”අපි මුලින් ඞී.එන්.ඒ. නිස්සාරණය කියලා දෙයක් (විද්‍යාගාරයට ගෙනැවිත් දෙන සාම්පලයෙන් පොදුවේ ඞී.එන්.ඒ වෙන්කර ගැනීම* කරනවා. ඉන් අනතුරුව කරනා පියවරේදී අපේ රසායනික ද්‍රව්‍යවලට ප‍්‍රතිචාර දක්වන්නේ මනුෂ්‍ය ඞී.එන්.ඒ. විතරයි. යම් විදියකින් ඒ සාම්පලයෙන් අපිට ඞී.එන්.ඒ. පිරිසිදුව වෙන්කරගන්න බැරි නම්, ඒ කියන්නේ එහෙම වෙන් කරගන්න අපි මුහුකරන රසායනික ද්‍රව්‍යවලට උත්තර ලැබුණේ නැත්නම් අපිට හිතන්න වෙන්නේ දේවල් දෙකයි. එකක් මෙතැන කිසිම මනුස්සයෙකුගේ ඞී.එන්.ඒ. නෑ. දෙක, මේ තියෙන ඞී.එන්.ඒ. මනුෂ්‍යයකු නොවෙන වෙන සතෙක්ගේ…”
වාසනාවට මෙන් මෙකී පරීක්ෂණයේදී සාර්ථකව ඞී.එන්.ඒ. වෙන් කරගැනීමක් කරගත හැකිවූ අතර වෙන් වූ ඞී.එන්.ඒ. පිරිමි මනුෂ්‍ය පුද්ගලයකුගේ බවද අනාවරණය විය.
මේ අතර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිය සම්බන්ධතා අනුව යමින් මුළු කොළඹම අනෙක් පස හරවා තිබුණි. ලැබී ඇති සියලූම හෝඩුවාවන් පසුව යද්දී ඔවුනට මෙකී අපරාධය සඳහා යොදාගත්තා යැයි සැක කෙරෙන 253-0882 දරන සුදු පැහැති මැස්ඩා වෑන් රථය මුණ ගැසිණි. ඒ අපරාධය සිදුවූ දිනම සවස 5.45ට පමණ නාරාහේන්පිට ඇල්විටිගල මාවතේ තිබියදී ය. එම වාහනය ලියාපදිංචි කර ඇත්තේ කා නමටද යන්න සොයා යද්දී පොලිසියට එහි රියැදුරා සොයා ගත හැකිවේ. පොලිසිය රියැදුරා සොයා යද්දී ඔහු ඒ වනවිටත් පොලිසියට පැමිණ අවසන් ය. ඔහු පැමිණ තිබුණේ කිසියම් ආයුධ සන්නද්ධ පිරිසක් තමාගේ වෑන් රථය පැහැරගත් බවට පැමිණිලි කරන්නට ය.
”වාහනයට කට්ටිය 4 දෙනෙක් නැග්ගා. නැග්ගේ මරදානෙන්. 12.30ට විතර. එයාලට මොරටුවට යන්න  ඕන කිව්වා. ඊට පස්සේ මෙතන ඞී.එස්. හන්දිය ළඟ තියෙන ස්ටීම් බෝට් කියන චයිනීස් එකට ගියා. එයාලා කට්ටියම ඇතුළට ගිහින් කෑම කාලා බීලා ආවා. ඒ ආවෙත් බෝතල් වගයක් අරන්. මම නාරාහේන්පිටට දාලා එහෙන් මොරටුවට යන්න හදද්දී එයාලා කිව්වා සරණ පාරට යමු කියලා. මම එහෙට ගියා. සරණ පාරේ නවත්තගෙන එයාලා තව බිව්වා.
එක්කෙනෙක්ට හොඳටම වැඩි වුණා. එයා වාහනෙන් බැහැලා තාප්පේ අල්ලගෙන වමනය කරන්න ගත්තා. අනිත් තුන්දෙනා පාර්සලයකුත් අරන් වාහනෙන් බැහැලා ගියා. මට කිව්වා ස්ටාර්ට් කරගෙන ඉන්න කියලා. එයාලා ගිහින් විනාඩි දෙකෙන් ආපහු ආවා. ඇවිත් යමු කිව්වා. ටිකක් දුර ආවාම මට කිව්වා වාහනෙන් බහින්න කියලා. එක්කෙනෙක්ගේ අතේ පිස්තෝලයක් තිබුණා. මැරුම්කන්න බෑ. මම වාහනෙන් බැස්සා.. බැහැලා තමයි මේ පොලිසියට ආවේ..”
ඔහුගේ අතට ඉන් අනතුරුව ලබාදෙන්නේ මෙරට අපරාධකරුවන් සම්බන්ධව පවත්වාගෙන යනු ලබන ඡුායාරූපාවලියයි. එය හොඳින් බලා වාහනයේ සිටි පිරිස හඳුනා ගන්නට ඔහුට අවස්ථාව ලබා දුනි. කෙසේ හෝ වෙනත් විවිධ හෝඩුවාවන් ඔස්සේ යමින් අපරාධ කොට්ඨාසය දින කිහිපයක් තුළ සැකකරුවන් සිව්දෙනකු අත්අඩංගුවට ගන්නට මෙරට නීති අංශවලට එදා හැකියාව ලැබුණි. එහෙත් ඔවුනට එරෙහිව සාධාරණ සැකයෙන් ඔබ්බට චෝදනා ඔප්පු කරන්නට කිසිවක් තවමත් නැත.
මේ අතර ආචාර්ය මායා ගුණසේකර හා රුවන් ඉලේපෙරුම ඇතුළු පිරිස අධිකරණයට දැනුම් දෙන්නේ තමන් සාර්ථකව පිරිමි පුද්ගලයෙකුට අයත් ඞී.එන්.ඒ. සාම්පලයක් වෙන්කරගත් බවය. ගරු අධිකරණයේ නියෝගය මත අත්අඩංගුවට ගෙන සිටින සිව් දෙනාගේ ඞී,එන්.ඒ. සාම්පල ඔවුන් වෙත ලබා දෙන්නේ ඒවායින් කිසිවක් ඉහත වෙන්කරගත් ඞී.එන්.ඒ. සාම්පලයට ගැළපෙනවාද යන්න පිරික්සීමට ය. පිරික්සීම සඳහා කරන ලද පරීක්ෂණයෙන් අනාවරණය වන්නේ අත්අඩංගුවට පත්ව සිටින සිව් දෙනාගෙන් තුන්වැනි සැකකරුගේ ඞී.එන්.ඒ සමග මෙකී වමනය සාම්පලයේ තිබූ ඞී.එන්.ඒ ගැළපෙන බවය.
ඉන් අනතුරුව බොහෝ දෑ සිදුවේ. අපරාධකරුවන් නීතියේ ඇස් වසා ගැලවී යාම වළක්වාලීමට රජයේ නීතිපති දෙපාර්තමේන්තුවේ සිට පහළට බොහෝ පිරිස් සිය උපරිමය කරන්නට වූහ. අවසානයේ මෙරට ඉතිහාසයේ මුල්ම වරට දුරකථන සාක්ෂි යොදා ගනිමින් මහාධිකරණය හමුවේ ඔප්පු කළ විනිසුරු සරත් අඹේපිටිය ඝාතන නඩුවේ පෙරළිකාර තැනක ඉහත කී ඞී.එන්.ඒ. සාම්පලයේ සාක්ෂිය සනිටුහන් විය.
සුජිත් රෝහණ රූපසිංහ, සුමින්ද නිශාන්ත, උදාර පෙරේරා, ලසන්ත කුමාර යන ඝාතන කල්ලියට හා මෙකී ඝාතනය සිදු කරන්නට කොන්ත‍්‍රාත්තුව දුන් මොහොමඞ් නියාස් නවුෆර් හෙවත් පාදඩ ලෝකය දන්නා අයුරින් ”පොට්ට නවුෆර්” නමැත්තාටද ඇතුළුව විත්තිකරුවන් පස්දෙනකුට කොළඹ මහාධිකරණය මරණීය දණ්ඩණය නියම කෙරිණි. පොට්ට නවුෆර් මේ වනවිට බදුල්ල බන්ධනාගාරයේ සිටී. ඔහු වෙනුවෙන් බෝගම්බර බන්ධනාගාරයේ විශේෂ කුටියක්ද සාදා තිබුණි.
ප‍්‍රසාද් අබේවික‍්‍රම

No comments