Breaking News

අද ජාත්‍යන්තර මව් භාෂා දිනයයි...


ජාත්‍යන්තර මව් භාෂා දිනය අදට යෙදී තිබෙනවා. භාෂාමය හා සංස්කෘතික විවිධත්වය සහ බහු භාෂා භාවිතය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් 2000 වසරේ සිට වාර්ෂිකව ජාත්‍යන්තර මව් භාෂා දිනය සමරනු ලබනවා.
මෙවර එහි තේමාව වන්නේ ‘භාෂාමය විවිධත්වය සහ බහු භාෂාවන් ආරක්ෂා කිරීම’ යන්නයි.

රටවල් 188ක් ජාත්‍යන්තර මව් භාෂා දිනය සමරනු ලබනවා.වර්තමාන ලෝකයේ ව්‍යවහාරික භාෂා පිළිබඳ පර්යේෂයකින් අනාවරණ වී ඇත්තේ ලෝකයේ පිළිගත් භාෂා 6, 912ක් භාවිතයේ පවතින බවයි. එයින් භාෂා 10 ක් පමණ සංඥා භාෂාවන් වන බව සඳහන්.

කෙසේ වෙතත් ව්‍යවහාර වන එම භාෂා අතුරින් සියයට 50 කට වඩා වැඩි භාෂා ගණනක් ව්‍යවහාරයෙන් ඉවත්ව මළ භාෂා ලැයිස්තුවට එක්වීමේ අවධානමක් පවතිනවා.ඒ අනුව මෙම භාෂා අතුරින් එක් භාෂාවක් සෑම සති දෙකක් තුළදීම ලොවට අහිමි වන බවයි භාෂා විචාරකයින් පෙන්වා දෙන්නේ.

ලෝකයේ වැඩිම පිරිසක් භාවිත කරන භාෂාව චීන භාෂාව වන අතර දෙවන ස්ථානය හිමි වන්නේ ස්පාඤ්ඤ භාෂාවටයි.ඉංග්‍රීසි භාෂාවට තෙවන ස්ථානය හිමිවන අතර දමිළ භාෂාව විසි වන ස්ථානයේත්, සිංහල භාෂාව 62 වන ස්ථානයේත් පසුවනවා.

No comments