දවල් කෑමත් නෑ - අද පාර්ලිමේන්තුවේ වෙන දේ... | Reporter දවල් කෑමත් නෑ - අද පාර්ලිමේන්තුවේ වෙන දේ... - Reporter

Hot News

දවල් කෑමත් නෑ - අද පාර්ලිමේන්තුවේ වෙන දේ...


මහ බැංකු බැඳුම්කර සහ බරපතල වංචා සම්බන්ධයෙන් වන විවාද පාර්ලිමේන්තුවේදී අද (06) පැවැත්වෙනවා.
ඊයේ (05) පැවති පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණ අනුව එම විවාදය පෙරවරු 10.30ට ආරම්භ වීමට නියමිතයි.
අද දිනට අමතරව ලබන 21 සහ 22 යන දිනවලද පාර්ලිමේන්තු විවාදය පැවැත්වීමට මෙහිදී එකගතාවකට පැමිණියා.
කෙසේවෙතත් දෙමළ ජාතික සන්ධානය අද පැවැත්වෙන විවාදයට සහභාගී නොවන බව කතානායක කරු ජයසූරිය මහතා වෙත දන්වා තිබෙනවා.
මෙම විවාදය පිළිබඳව නියෝජ්‍ය අමාතය අජිත් පී. පෙරේරා අදහස් දැක්වූයේ මෙලෙසයි.
"අලුත් හොරුත් පරණ හොරුත් මේ සියලු දෙනා පිළිබඳවම විවාද කරන්න පුළුවන් පාර්ලිමේන්තුවේදී. ඒ අනුව දිවා ආහාරයක් නොමැතිව පස්වරු 4.00 තෙක් විවාද කිරීමටත් අනතුරුව තවත් දින දෙකක් විවාද කිරීමට තමයි තීරණය කරලා තියෙන්නේ."

No comments