Breaking News

ඔත්පලව සිටි ආත්තම්මාව මුණුබුරා දුෂණය කරලා.


දැන් රටෙන් ඇහෙන දේවල්නම් විස්වාස කරන්නත් අමාරුයි.අපේ රටේ විතරක් නෙමෙයි ලොේකම දැන් පවතින සමාජය පිරිහිලා.අම්මා පුතාව පුතා අම්මාව තාත්තා දුවව අදුරන්නේ නැති සමාජයක් අද තියෙන්නේ
මේ කියන්න යන්නෙත් ඒ වගේ අවාසනාවන්ත සිදුවිමක් ගැනයි
නිවසේ ඔත්පලව සිටි 77 හැවිරිදි මහලු කාන්තාවක්‌ අමානුෂික ලෙස දූෂණයට ලක්‌කර පළාගොස්‌ සිටි සැකකරුවෙකු බිංගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා
හෙට්‌ටිපොල මහෙස්ත්රාත් අධිකරණය මඟින් මෙම නියෝගය නිකුත්කර ඇති බව සඳහන්
බිංගිරිය පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු සැකකරු දෙදෙරු පියෙක් වන අතර ඔහුගේ බිරිඳ මේ වන විට විදේශ රැකියාවකට ගොස්‌ ඇති බවයි
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ ඉහළ කොස්‌වත්ත තාරණ උඩවෙල ප්රදේශයේ පදිංචි 45 හැවිරිදි අයෙක් බවයි බිංගිරිය පොලිසිය පැවසුවේ
කොස්‌වත්ත කජුවත්ත ප්රදේශයේ දියණියක සහ මානසික ආබාධයකින් පෙළෙන පුතෙකු සමඟ ජීවත්ව මෙම මහලු කාන්තාව පසුගිය මස 24 වනදා සැකකරු විසින් දූෂණයට ලක්‌කර ඇති බවයි වාර්තා වන්නේ
දූෂණයට ලක්‌වූ කාන්තාවගේ පුත්රයා මානසික ආබාධයකින් පෙළෙන අතර සිය මව සමඟ නිවසේ සිටි ඔහු කඩේකට යවා සැකකරු විසින් මෙම අපරාධය සිදුකර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ
සැකකරු දූෂණයට ලක්‌වූ කාන්තාවගේ ඥති මුණුබුරෙකු වන බවයි පොලිසිය සඳහන් කරන්නේ

No comments