ඔවුන් අපේ රජවරුන්ය.. කොන්ද නමා ආචාර කරනු.. එක එල්ලේ නොබලනු.. අත නොගානු.. අපරාධ වරද යටතේ අත්අඩංගුවට..- එඩ්වඩ් කුමරු හා බිරිද වෙනුවෙන් ලාංකිකයනට උපදෙස් මාලාව මෙන්න.. | Reporter ඔවුන් අපේ රජවරුන්ය.. කොන්ද නමා ආචාර කරනු.. එක එල්ලේ නොබලනු.. අත නොගානු.. අපරාධ වරද යටතේ අත්අඩංගුවට..- එඩ්වඩ් කුමරු හා බිරිද වෙනුවෙන් ලාංකිකයනට උපදෙස් මාලාව මෙන්න.. - Reporter

Hot News

ඔවුන් අපේ රජවරුන්ය.. කොන්ද නමා ආචාර කරනු.. එක එල්ලේ නොබලනු.. අත නොගානු.. අපරාධ වරද යටතේ අත්අඩංගුවට..- එඩ්වඩ් කුමරු හා බිරිද වෙනුවෙන් ලාංකිකයනට උපදෙස් මාලාව මෙන්න..



70 වන නිදහස් දිනයේ විශේෂ ආරාධිතයෙකු ලෙස මෙරටට පැමිණ සිටින එංගලන්තයේ එලිසබෙත් මහ රැජිනගේ පුත් එඩ්වඩ් කුමරු හා ඔහුගේ ආර්යාව ඉදිරිපිටදී හැසිරීම, ඔවුන් පිලිගැනීම සම්බන්ධයෙන් වන උපදෙස් මාලාවක් යයි සදහන් ලේඛණයක් සමාජ ජාලයන්හි හුවමාරු වෙයි.
බි‍්‍රතාන්‍ය රාජකීයන් පිලිගැනීමේ කමිටුවේ ලේකම්වරයා විසින් නිකුත් කර ඇති එම නිවේදනයේ ‘ඔවුන් අපගේ අවසන් රජවරුන් බවත් එනිසා සෑම විටම ඔවුනට ගරු කරන ලෙසත් දැක්වෙයි.
රාජකීයන්ගේ මුහුණු දෙස එක එල්ලේම නොබලන ලෙසත් රාජකීයයන් ස්පර්ශ කිරීම අපරාධමය වරදක් බවත් එහි සදහන්ය.
රාජකීයන් අසලට යන පිරිමින් කොන්ද නමා ඔවුනට ආචාර කල යුතු බවත් කාන්තාවන් නම් දණහිසින් නැමී ආචාර කල යුතු බවත් තව දුරටත් දැක්වෙයි.
ආචාර්‍ය මහාචාර්‍ය වරු පවා රැවටීමට ලක් කල මෙම ලිපිය කිසිවෙකු විසින් සකස් කල ව්‍යාජ ලිපියක් බව විදේශ කටයුතු අමාත්‍යංශය විසින්  ප්‍රකාශ කර තිබේ.
එම සම්පුර්ණ උපදෙස් මාලාව මෙසේය.


No comments