Breaking News

අදින් පසු ඡන්ද ප්‍රචාරය කළොත් වැඩ වැරදි


ඡන්දය ඉල්ලා ගෙයින් ගෙට යන හෝ වෙනත් ආකාරයක මැතිවරණ ප‍්‍රචාරක කටයුතු අද (07) මධ්‍යම රාති‍්‍රයෙන් පසු සිදු කරන  ඕනෑම අයෙකු තරාතිරම නොබලා අත්අඩංගුවට ගන්නා බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ පළාත් පාලන මැතිවරණයේ ප‍්‍රචාරක කටයුතු සඳහා ලබාදී ඇති කාලය අද මධ්‍යම රාත‍්‍රියෙන් අවසන් වන බවයි. කොළඹ අද පැවැත්වූ මාධ්‍ය හමුවක දී ඔහු ඒ පිළිබඳ  කරුණු දැක්වූවා.

No comments