Breaking News

ඇලෝසියස් මෙන්ඩිස් සමාගමේ මුදල් තෑගි කරයි

feature-top
බැඳුම්කර වංචාවට සම්බන්ධ අර්ජුන් ඇලෝසියස් මහතාට අයත් ඩබ්ලිව් එම් මෙන්ඩිස් සමාගමේ ගිණුමකින් මුදල් ලබාගෙන එම මුදල පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම විවිධ තරාතිරම්වල පුද්ගලයනන්ට තෑගි දී ඇති බව රහස් පොලිසිය විසින් හෙළිකරගෙන ඇතැයි අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගෝඩ මහතා කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියට දැනුම් දුන්නේය.
 
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම් සමූහයේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් සහ ඔහුගේ පියා වූ ජෙෆ්රි ඇලෝසියස් නමැත්තන්ට  ඩබ්ලිව් . එම් මෙන්ඩිස් සමාගම අයත් බවත් , ඔවුන් දෙදෙනා විසින් පසුගිය පෙබරවාරි 07 වැනිදා බිලියන 1.19 ක මුදලක් ලබාගෙන විවිධ තරාතිරම්වල පුද්ගලයනන්ට තෑගි දී ඇති බවද ඒ මහතා එහිදී  හෙළි කළේය.
 
2014 මැයි මස 29 වැනි දින සිට 2018 පෙබරවාරි මස 07 දක්වා වසර 3 1/2 ක පමණ කාලය තළදී මොවුන් දෙදෙනා විසින්  පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ මුදල් මෙන්ඩිස් සමාගමට අයත් සෙලාන් බැංකු ගිණුමට 66 වතාවක් බැරකර ඇතැයි දැනුම් දුන් යසන්ත කෝදාගොඩ මහතා අවස්ථා 154 කදී  එම මුදල් නැවත ඉවත් කරගෙන ඇති බව අධිකරණයට දැනුම් දුන්නේය.
 
එමෙන්ම 2018 පෙබරවාරි 07 වැනිදා වන විට අදාළ ගිණුමේ මුදල් අගය රුපියල් බින්දුවක් වශයෙන් සඳහන් වන බවත් පැවසූ කෝදාගොඩ මහතා විවිධ තරාතිරම්වල පුද්ගලයනන්ට ත්‍යාග ලබා දීම සඳහා එම ගිණුමේ මුදල් යොදාගෙන ඇති බවට සාධාරණ සැකයන් මතුව ඇතැයිද පැවසීය.


(under the courtesy of srilankamirror.lk news web)

No comments