Breaking News

ලංකාවේ තරුපහේ හෝටල් පරදන,මැති ඇමතිවරුන්ටවත් යන්න බැරි.ලොව වැඩිම මිලක් අය කරන රෝහල් මෙන්න...

රෝහලකට යන්න කවුරුවත් කැමති නෑනෙ.කවුරුවත් ලෙඩ වෙන්න කැමති නෑ.ලංකාවෙ රෝහල් ගැන නම් කතා කරන්නම දෙයක් නෑනෙ.අපි මේ කතා කරන්න යන්නේ ලෝකෙ තියෙන මිලෙන් වැඩිම රෝහල් 10 ගැන.මේ රෝහල් වලට ගියාම නම් හිතෙයි ලෙඩවෙන්නම ඕන කියල,ඒත් බිල දැක්කම තමයි අමාරුව තේරෙන්නෙ.



MedStar Washington Hospital Center in Washington D.C.


විශේෂයෙන්ම හෘද රෝග,ස්නායූ රෝග,පිළිකා,අවයව බද්ධ කිරීම්, සම්බන්ධව තිබෙන ඉතා ප්‍රසිද්ධ රෝහලක් තමයි මෙඩ්ස්ටාර් කියන්නෙ.පිහිටල තියෙන්නෙ වොෂිංටනයේ.රෝගියා කැමති කෑම හදල දෙන්න කෝකියෙක් පවා මේ රෝහලේ ඉන්නව.

Asklepios Klinik Barmbek in Germany



මෙම රෝහලේ සතියක බිල ගෙවනවට වඩා ජර්මනියේ මිල අධිකම වාහනයක් ගන්න පුළුවන්.පිහිටල තියෙන්නෙ හැම්බර්ග් වල.යුරෝපයේ විශාලම වෛද්‍ය මධ්‍යස්ථානයත් මෙය වෙනවා.එක් රෝගියෙක් සඳහා සේවාවන් 100කට අධික ප්‍රමානයක් මෙහිදී හිමිවෙනවා.පැය විසිහතරම සේවාවන් ක්‍රියාත්මක වනවා.තමන්ට කැමතිම ආහාරය දෙන්න ඔවුන් ඕනවෙලාවක සූදානම්.

Wooridul Spine Hospital in South Korea



වසරකට සාර්ථක සුසුම්නා ආශ්‍රිත සැත්කම් 20000ක් පමණ කරන  රෝගියාගේ කාමරයට පරිඝනකයක්,මිල අධික මේසයක්,සුඛෝපබෝගී නාන කාමරයක්,ඇඳන් දෙකක්,සෝෆා එකක් සහ තේ මේස දෙකක් අඩංගුයි.

Fortis La Femme Hospital in India




අල්ලපු රටේ උදවියත් නිකන් නම් ඉඳල නෑ.
ෆෙමී රෝහල  කියන්නෙ විදේෂිකයන් විශාල ප්‍රමාණයක් යන එන තැනක්.කාන්තා රෝග සඳහා තමයි මේ රෝහල නම් දරන්නේ.මෙහි මිල අධිකම කාමරය නිවසක් ආකාරයට තමයි නිම කරල තියෙන්නේ.දිනක බිල  $ 5000 ක් පමණ වෙනවා.

 Mediclinic City Hospital in Dubai



බැලූ බැල්මට තරුපහේ හෝටලයක් වගේ තිබුනට මේකත් රෝහලක්.පිහිටල තියෙන්නේ ඩුබායි වල.මෙහි සියල්ලම රෝගියාට විතරයි.ඒ ඒ රෝගියාට සහ පවුලේ උදවියට වෙන් වුන විදුලි සෝපානයක්,පිහිනුම් තටාකයක්,ස්පා එකක් ජිම් එකක් පවා තිබෙනවා.


Gleneagles Hospital in Singapore


අක්මා බද්ධ කිරීම්,හෘද රෝග වැනි රෝග සඳහා විශේෂයි.කාමරයකට,විශාල රූපවාහීනී යන්ත්‍රයක්.,තමන්ටම දුරකථනයක්,අන්තර්ජාලය,පෞද්ගලික හෙදියක්,කුඩා මත්පැන්ගාරයක්,දරු ප්‍රසූතියකට දින දෙකක බිල $14000 යි.

Matilda International Hospital in Hong Kong



රෝහල පිහිටා ඇත්තේ මුහුද පෙනෙන මානයේ.එක් ‍රැයක බිල $4800.ආහාර සැපයුම ෂ්‍රැංගිලා හෝටල් සමාගමෙන්.

Cedars-Sinai Medical Center in Los Angeles


හොලිවුඩ් තරු වලටම හදපු රෝහලක් තමයි මේ.අති නවීන පවුලේ සැමටම නතර වෙන්න පුළුවන් මෙම රෝහලේ දිනක ගාස්තුව $3000 යි.

No comments