හරිම ලේසියෙන් ඔයාගේ කොණ්ඩයටත් හෙයාර් මාස්ක් එකක් | Reporter හරිම ලේසියෙන් ඔයාගේ කොණ්ඩයටත් හෙයාර් මාස්ක් එකක් - Reporter

Hot News

හරිම ලේසියෙන් ඔයාගේ කොණ්ඩයටත් හෙයාර් මාස්ක් එකක්

සැලෝන් එකකට යන්න මේ දවස් වල කාලගුණය ගැන හිත හිතා ඉන්න අවශ්යා නැහැ.අද අපි කියලා දෙන්නේ ගෙදර ඉදලම ඔයාගේ ලස්සන කොණ්ඩය තවත් ලස්සන කරගන්න,ඔයාටම කරගන්න පුළුවන් හෙයාර් ට්රී්ට්මන්ට්ස් කිහිපයක් ගැන.ඇත්තෙන්ම කියනවානම් හෙයාර් මාස්ක් කිහිපයක් තමයි අද අපි කියලාදෙන්නේ.මතකනේ අපි Part 1 එකෙනුත් මේ ගැන කතා කලා.



01. ඝනකම සහිත පිරුණුකෙස්කළඹකට හෙයාර් මාස්ක් එකක්
වට්ටක්කා(පම්ප්කින්) කන්ඩිෂනර් සත්කාරය :වට්ටක්කා කියන්නේ පොටෑසියම් බහුල එළවළුවක්.ඒ කියන්නේ සාරවත් කොණ්ඩයක වර්ධනයටත් වට්ටක්කා වල අඩංගු පෝෂකයන් හරිම වැදගත්.එහෙනම් බලමු මේ අලුත් ආකාරයේ වට්ටක්කා සත්කාරය කොහොමද කරන්නේ කියලා.අවශ්යහ වෙන්නේ මෙන්න මේ දේවල්:

තම්බා පොඩි කරගත් වට්ටක්කා කෝප්ප 02ක්
පොල්තෙල් මේස හැන්දක්
මීපැණිමේස හැන්දක්
යෝගට්මේස හැන්දක්

ඉස්සෙල්ලමවට්ටක්කා සහ යෝගට් එක බ්ලෙන්ඩර් එකකින් හරි ඔයාට පහසු විදියකින් හොඳින් මිශ්ර කරගන්න.ඊට පස්සේ මිශ්රෙණය තවත් ටිකක් සොෆ්ට් වෙන්නත් එක්ක මීපැණි සහ පොල්තෙල් ඊට එක්කරන්න.දැන් මාස්ක් එක හදලා ඉවරයි.තෙත සහිත කොණ්ඩයට දැන් මේ මාස්ක් එක ආලේප කරන්න.මාස්ක් එක කොණ්ඩයට හොඳින් කාවදින්න ප්ලාස්ටික් කැප් එකකින් ආවරණය කරලා මිනිත්තු 15ක් විතර තිබෙන්නට හරින්න.දැන් ඔයා සාමාන්යතයෙන් පාවිච්චි කරන ෂැම්පු සහ කන්ඩිෂනර් දාලා කොණ්ඩය හොඳට හෝදගන්න.දැන් ඔයාගේ ගොරෝසු,පිරිච්ච කොණ්ඩය මෙලෙක් වෙලා වගේ නේද?දැන් ඉතින් ඔයා කැමති විදියේ ස්ටයිල් එකක් දාගන්න කිසිම තහනමක් නැහැ.

02. ඔයාගේ කොණ්ඩයට තවත් දීප්තිමත් දිස්නයක් !

මොයිස්චර් වගේම ප්රෝමටීන් කියන්නේ ඕනෑම හෙයාර් මාස්ක් එකකට අත්යාමවශ්යාම වෙන ද්රකව්යය දෙකක්.ඒ නිසා ඒ පෝෂකයන් බහුලව අඩංගු බිත්තර සුදුමදයක් (ප්රෝ‍ටීන් සඳහා) සහ පොල්තෙල් ස්වල්පයක් (මොයිස්චර් -තෙතමනය සඳහා) මේ හෙයාර් මාස්ක් එකට අවශ්යපවෙනවා.භාජනයකහොඳින් මිශ්රස කරගත් මේ ද්ර්ව්යා දෙක මයික්රෝෙවේව් අවන් එකක් මගින් තත්පර 30ක් පමණ රත්කරගැනීම අවශ්යොයි.පසුව තෙත සහිත කොණ්ඩයට කෙලින්ම ආලේප කර මිනිත්තු 15ක් පමණ තියෙන්න හරින්න.ඔයාගේසුපුරුදු ෂැම්පු කන්ඩිෂනර් එක්ක හෝදලා දැම්මට පස්සේ දකින්න පුලුවන් වෙනදා නොදැක්ක අමුතුම දිස්නයක්.

curtesy : beautifulu.lk

No comments