Breaking News

”මං කලාවට එන්නෙ එයා නිසා, මගේ රඟපෑමේ අඩුපාඩු කියන්නෙත් එයා” – රිතූ ආකර්ශා බිඳුණු පෙම ගැන කියයි

”තවම මගේ හිත කිසිම කෙනෙකුට ගිහින් නැහැ”

”මෙතෙක් මට නළුවකු සමග කිසිම සම්බන්ධයක් ඇතිවෙලා නැහැ”

”කවදාහරි විවාහ වුණොත් සාමාන්‍ය කෙනෙක් සමගයි විවාහවන්නේ”

නව පරපුරේ ජනප්‍රිය නිළියක් තමයි රිතූ ආකර්ශා කියන්නෙ. රිතූ පහුගිය දවසක එයාගේ පෞද්ගලික විස්තර වගයක් පුවත්පතකට කියලා තිබුණාත ඒ මෙන්න මේ විදිහට.
ඔබ ආදරවන්තියක්ද?
මම ආදරවන්තියක් නෙවෙයි.

ආදරවන්තයාගෙ රැකියාව අදාළ නැද්ද ඔබට..?
ඇත්ත කියලා ඔහු කුමන රැකියාවක් කළත් මම ආස කරන ආදරයක් ඔහු ළඟ තිබුණොත් ඔහුට මා ආදරය කරයි. මා කවදාවත් ආදරයේ දි ඔහුගේ රැකියාව, පවුල, සල්ලි තියෙනවාද කියලා බලන කෙනෙක් නොවෙයි.

ඔබ ඔය පවසන්නේ සත්‍යමද? නැත්නම් පුවත්පතකට නිසා ද මෙලෙස පවසන්නේ?
කොහොමත් මම සාමාන්‍ය විදියට ඉන්න කැමැති කෙනෙක්. ඒ වගේ ම මම විවාහ වෙන්න කැමැති සාමාන්‍ය කෙනෙක් එක්කයි. බොහෝ සල්ලි තිබෙන අය සාමාන්‍ය මිනිස්සුන්ගේ දුක, වේදනාව ගැන දන්නේ නැහැ. සාමාන්‍ය මනුස්සයෙක් මේ සියල්ලම විඳලා තිබෙන නිසා දුක, වේදනාව, සතුට, සැප ගැන දන්නවා. ඒ නිසා මම කවදාහරි විවාහ වුණොත් සාමාන්‍ය කෙනෙක් සමගයි විවාහවන්නේ.

ඒ කියන්නේ ඔබ කිසිම දවසක නළුවකු විවාහ කරගන්නේ නැහැයි කියලද?
එහෙම කියන්නත් බැහැ. ආදරේ කියන එක කොතැනක ඇතිවේවිද කියලා අපට කියන්න බැහැ. ඒ නිසා මම දැනට මේ කිසිම දෙයක් ප්ලෑන් කරලා නැහැ. මෙතෙක් මට නළුවකු සමග කිසිම සම්බන්ධයක් ඇතිවෙලා නැහැ. ඒ වගේ ම මම ඔයාට මේ වෙලාවෙ දි කිව්වොත් නළුවකු බඳින්නේ නැහැයි කියලා කවදහරි එහෙම වුණොත් ඔයා මට චෝදනා කරාවි. ඒ නිසා ආදරය ඇති වෙන්නේ කොහොම කෙනෙක් එක්කද කියලා මම තාම දන්නේ නැහැ. තවම මගේ හිත කිසිම කෙනෙකුට ගිහින් නැහැ.

ඔබ කිසිම දවසක ආදරේ කරලා නැති බවද ඔබ ඔය පවසන්නේ?
අනේ නැහැ. මම ආදරය කරලා තිබෙනවා.

ඒ ආදරය ගොඩක් දුර අරගෙන එන්න බැරිවුණේ ඇයි?
මුලින්ම අපි කෙනෙකුව දැකලයි ආදරයක් ඇති වන්නේ. ඊට පස්සේයි කතාබහ කරන්නේ. කාලයක් යද්දි ඒ කෙනොගේ මුලින්ම තිබෙන ඒ ගතිගුණ පස්සේ ඔහුගේ ජීවිතයේ නැති වනවිට අපට තේරෙන දෙයක් තමයි ඔහු මට ගැළපෙන්නේ නැහැයි කියන කාරණය. අදහස් ගැළපෙන්නේ නැහැයි කියන එක. ඒ නිසා ඒ වගේ දේවල් දුරදිග යන්න කලින් මගින් නතර කර ගැනීමයි සිදුවිය යුත්තේ. ඒ මගේ ආදරයටත් වුණේ එහෙම දෙයක්.

ඒ වුණාට දැන් විවාහ වෙන්න කාලය හරියි නේද?
අපේ ගෙදරින් ඒ ගැන දැන් දැන් කතා කරනවා. අම්මා, තාත්තා විමසන්නේ ඒ අය ගෙනෙන යෝජනාවකට කැමැති වෙනවාද කියලයි. නැත්නම් මගේ හිත ගත්ත කෙනෙක් ඉන්නවාද කියලත් ඔවුන් විමසනවා. මේ දවස්වල නම් ටිකක් විවාහය ගැන අහලා කරදරයි.

ඔබගේ පවුලේ අය ඔබ රඟපානවාට කැමැතිද?
මට ඉන්නේ අම්මා, තාත්තා, අයියා හා මල්ලියි. අයියා ඉන්නේ විදේශ ගතවෙලා. මා රංගනයට පිවිසෙන්නේත් මගේ තාත්තා නිසයි. ඔහු පොලිස් නිලධාරියෙක්. ඒ වගේ ම ඔහු කලාවට බොහොම ආදරය කරන කෙනෙක්. ඒ කාලයේ පටන් ඔහු ගාමිණී ෆොන්සේකා මහතාගේ හොඳ රසිකයෙක්. ඔහුගේ චිත්‍රපට සියල්ලම වගේ එකතුවක් ඔහු ළඟ තිබෙනවා. ඒ පසුබිම හරහායි මා කලාවට පිවිසෙන්නේ. මගේ රඟපෑමේ අඩුපාඩු සියල්ල කියන්නේ ඔහුයි.

No comments