Breaking News

හිට්ලර්ගේ නාමයෙන් හැදින්වූ සීනුවට වෙන්න යන දේ මෙන්න.....


ඇඩොල්ෆ් හිට්ලර් නාමයෙන් හැදින්වු  ජර්මනියේ දේවස්ථානයක තැන්පත් කර ඇති විවාදයට තුඩුදී ඇති විශාල සීනුවක් ඉවත් කිරීම සඳහා ඡන්ද විමසීමක් පවත්වා තිබෙනවා.
නාසි යුගයේ නිර්මාණය වූ මෙම ලෝකඩ සීනුව ජාතියේ අදුරු යුගයක් සිහිපත් කිරීම හේතුවෙන් එය ගලවා ඉවත් කිරීමට බලධාරීන් තීරණය කර තිබුණා.
කෙසේ වෙතත් මේ වෙනුවෙන් පැවති ඡන්ද විමසීමේදී එම තීරණයට විරෝධය පල කරමින් වැඩි ඡන්ද ප්‍රමාණයක් හිමිව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
1934 වසරේ සිට එම දේවස්ථානයේ තිබූ මෙම සීනුව සංහිදියාව මෙන්ම ප්‍රචණ්ඩත්වය හා අයුක්තියට එරෙහි ස්මාරකයක් වනු ඇති බව විචාරකයින් පෙන්වා දෙනවා.

No comments