කවුද මේ කසිප්පු පෙරපු සුපිරි ගෙදර නෝනා... (PHOTOS) | Reporter කවුද මේ කසිප්පු පෙරපු සුපිරි ගෙදර නෝනා... (PHOTOS) - Reporter

Hot News

කවුද මේ කසිප්පු පෙරපු සුපිරි ගෙදර නෝනා... (PHOTOS)


වෙන්නප්පුව නගරය ආසන්නයේ සුවිසල් නිවසක කාන්තාවක්‌ විසින් පවත්වාගෙන ගිය මහා පරිමාණ කසිප්පු ස්‌කාගාරයක්‌ වැටලීමට වෙන්නප්පුව පොලිසිය සමත් විය.

30 වැනිදා රාත්‍රියේ මෙම වැටලීම සිදුකෙරිණි. නිෂ්පාදනය කරන ලද කසිප්පු බෝතල් සියයක්‌ ගෝඩා අඩංගු බැරල් 07 ක්‌, ගෑස්‌ සිලින්ඩර් 02 ක්‌, දඟර 01 ක්‌ ඇතුළු උපකරණ රැසක්‌ හා සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන තිබුණි. 

අත්අඩංගුවට පත් සැකකාර කාන්තාව කුලියාපිටිය පූගල්ල ප්‍රදේශයේ පදිංචි අයෙකි. මෙම නිවස මීට මාස කීපයකට පෙර මසකට රුපියල් දහ අට දහසක මුදලකට කුලී පදනම මත ලබාගෙන තිබේ. 

නිවසේ කාමරයක ඉතා සූක්‍ෂ්ම ලෙස පවත්වාගෙන ගිය මෙම ස්‌කාගාරයේ ගෝඩා දැමීම සඳහා විශාල ප්‍රමාණයේ ටැංකියක්‌ සාදා ඉන් නිකුත් වන කසිප්පු නළයක්‌ ආධාරයෙන් මුළුතැන්ගෙයි රහසිගත ස්‌ථානයකට ඒමට සකස්‌ කර තිබුණි.

වෙන්නප්පුව පොලිසියේ මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක එල්. බී. අබේරත්න මහතාගේ උපදෙස්‌ මත අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‍ෂක සුදුසිංහ, පොලිස්‌ කොස්‌තාපල්වරුන් වන (16350) ජයතිස්‌ස, (35867) බණ්‌ඩාර, (75175) තරංග, (59855) උපාලි, (60568) සුනීර නඳුන්, (89984) අබේතිලක යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.

No comments