Breaking News

සමන්තභද්‍ර හිමි උපන්දින මොණර කේක් නොදුටු දසුන් - තිස්ස අත්තනායකත් ඇවිල්ල ඔන්න... (PHOTOS)


බොහෝ දෙනාගේ කතාබහට ලක්වුනු සිරි සමන්තභද්‍ර නම් වූ මහා මුණිවරයන් නමින් හැඳින්වෙන සමන්තබද්‍ර හිමියන් පසුගිය පෙබරවාරි මස 17වන දා සිය 43 වන ජන්ම දිනය සමරා තිබෙනවා.
ඒ වෙනුවෙන් 17 වන දින සිට 24 දින දක්වා විශේෂ පිංකම් රැසක්ද සංවිධානය කර තිබු අතර ඒ උන්වහන්සේ වැඩ සිටින බෙල්ලන්තර සිරි සදහම් ආශ්‍රමහිදී.
සතියක කාලයක් පුරාවට සංවිධානය කර තිබූ මෙම පිංකම් මාලාවේදී සැදැහැවතුන්ගේ සෞභාග්‍ය උදෙසා  ජය පිරිත් දේශනාවක්, මතු බුද්ධත්වයට පත්වන මෛත්‍රීය බෝධි සත්වයන් වහන්සේගේ ආශීර්වාදය උදෙසා වූ මෛත්‍රී බෝසත් පූජාව, කිරි මව්වරුන් 200ක් සහ ළමුන් 50 දෙනෙකුන් සඳහා පුණ්‍යානුමෝදනා දේව දානය, සංසාර විමුක්තිය සොයා ආ තරුණ තරුණියන් සසුන්ගත කිරීම ඇතුලු පිංකම් රැසක් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
උත්සවාකාරයෙන් සමරන ලද සමන්තබද්‍ර හිමියන්ගේ ජන්ම දිනය වෙනුවෙන් අාශ්‍රමය ද ඉතා උත්සවාකාරයෙන් සරසා තිබෙනවා.
එහිදී නිර්මාණය කල මොණරෙකුගේ ආකෘතිය සඳහා කප් කේක් දහසක් පමණ යොදා ගෙන ඇති අතර පිංකම් මාලාව තුල 'අධ්‍යාත්මික ගී දැහැන'  නමින් සංගීතමය වැඩසටහනක්ද පවත්වා තිබෙනවා.
එසේම මෙම පිංකම සඳහා තිස්ස අත්තනායක මහතාද ඇතුළු කිහිපදෙනෙකුම සහභාගී වී තිබීම විශේෂත්වයක්.

No comments