මෝඩකමට ආතල් ගත්ත මෛත්‍රී වික්‍රමසිංහගේ කනපිට ගැසූ පොත් කියවිල්ලේ ඇත්ත කතාව (PHOTOS) | Reporter මෝඩකමට ආතල් ගත්ත මෛත්‍රී වික්‍රමසිංහගේ කනපිට ගැසූ පොත් කියවිල්ලේ ඇත්ත කතාව (PHOTOS) - Reporter

Hot News

මෝඩකමට ආතල් ගත්ත මෛත්‍රී වික්‍රමසිංහගේ කනපිට ගැසූ පොත් කියවිල්ලේ ඇත්ත කතාව (PHOTOS)




ජාතික නිදහස් දින සැමරුමට සහභාගී වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මහාචාර්‍ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය  උඩුයටිකුරු කරන ලද පොතක් කියවමින් සිටින දර්ශණයක් සමාජජාල මාධ්‍ය තුල ඉතා වේගයෙන් සංසරණය වූ අතර නිසි අධ්‍යාපනයක් නොලද, තර්කන බුද්ධියක් නොමැති  පුද්ගලයින් විසින් මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියට එරෙහිව විශාල මඩ ප්‍රචාරයන් දියත් කරමින් සිටියි.

නමුත් එම ජායාරූපයේ සත්‍ය කතාව ඊට වඩා වෙනස් ය. 

නිදහස දින සැමරුම් උළෙලට සහභාගී වන ආරාධිතයින්ට සාමාන්‍යයෙන් රටේ ඉතිහාසය පිළිබඳව නිර්මාණය කල පොතක් ලබාදීම සිදුකෙරෙන අතර එය භාශා තුනකින් මුද්‍රණය කරනු ලබයි. 

මෙවර එම පොත මුද්‍රණය කිරීමේදී භාෂා තුන වෙන වෙනම පැහැදිලිව දැක්වෙන පරිදි මුද්‍රණය කර තිබේ. 

මෙම විශේෂ මුද්‍රණ ක්‍රමවේදය පිළිබඳව එම ක්ෂේත්‍රයේ අවබෝධයක් සහිත පුද්ගලයෙකු වන ධනංජය රණවක මහතා විසින් පළ කල අදහස් පහතින් දැක්වේ. 

"තාක්ශණේ හරි ටෙක්නික් හරි හරියට යොදාගත්තෙ නැත්තම් කොච්චර ගැටලු ඇතිවෙනවද කියන එක අලුත් දෙයක් නෙමෙයි, මේ ඒ සරල කාරණාවවත් නොදන්න පේජ් ඇඩ්මින් වාහෙලා කීපදෙනෙක් මේ යට තියෙන බුක්ලට් එක උඩ දාගෙන වටේ යවනවා දැක්කා විකුණ විකුණ මේක වැරදිය කියලා, නක්කලේ දදා.. ගැටලුව මෙතන කීපදෙනෙක් අනාගෙන තිබීමයි. මගේ මේ ලිස්ට් එකේ කීපදෙනෙකුත් උඩ දාගෙන ශෙයා කරලා තිබුණා.
මතක තියාගන්න,
මේවට කියන්නෙ සාමාන්‍යයෙන් Flipped Booklets කියලා, මේ වගේ Booklet වලදි විතරක් නෙමෙයි ෆ්ලිපඩ් පොත් පවා තියනවා, Book Designing කියලා වෙනම විශ‍යකුත් තියනවා, මේක කියන්න හිතුණෙ සාමාන්‍ය දැනීමවත් නොදන්න ඒ වාහෙලට විශේෂෙන්ම, ඉතිරිය තමන් ග්‍රැපික් ඩිසයිනින්, ප්‍රින්ටින්ග් සම්බන්ධෙන් මොනාහරි කරනවනම් මේක වැදගත් වෙයි..
සාමාන්‍යයෙන් මෙහෙම ප්‍රින්ට් කරනවා ගොඩක් දෙනා දැකලා ඇති ඔය රටින් ගේන මොනාහරි ඉලෙක්ට්‍රෝනික් බඩුවල මැනුවල් හදන්නෙ මේ ටෙක්නික් එකට හේතුව,
* Languages / Formats දෙක තුනක් පොත් කීපෙක ප්‍රින්ට් කරන්න උවමනා වෙන්නෙ නැති නිසා.
වගේම,
*Languages කීපයක් ඇසුරෙන් කරුණු, හැඳින්වීම් කීපෙකදි එක ලඟ ප්‍රින්ට් නොකරන නිසා.
මේක ලෝක සම්මත ඩිසයින් රූල් එකක්. මතකෙ තියාගන්න බුක්ලට් එහෙම මේ වගේ භාෂා කිපෙකින් හදනකොට කවදාහරි, එක්කො කාටහරි කියාදෙනකොට ඇයි මෙහෙම කණපිට හරවලා තියෙන්නෙ කියලා.
එහෙම ෆ්ලිපඩ් කරන්න බැරිනම් ගොඩක් දෙනා අර මන් උඩ කිව්ව බුක් ඩිසයිනින්ග් මෙතඩ්ස් පාවිච්චි කරනවා.."

ඒ අනුව සමාජජාල මාධ්‍ය තුල බොහෝ දෙනෙකු මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ පොත් කියවීම විවේචනය කර ඇත්තේ නිසි කරුණු සොයා බැලීමකින් තොරව බව පැහැදිලිය. 

තල් අත්තක් මතට බෙලි ගෙඩියක් වැටීම අහස කඩා වැටීම යයි අර්ථකතනය කිරීම සහ කරුණු නොසොයා මහාචාර්‍ය වරියකගේ ක්‍රියාකලාපය හෝ විවේචනය කිරීම අපේ පුරුද්දයි. 

නමුත් එයින් පෙරකී පුද්ගල චරිතයට හානියක් නොවන අතර අවලාද නගන මෝඩයින්ට පසුතැවීමක් පමණක් ඉතිරි වේ.








No comments